(චාපා මධුභාෂිණී)
මැදිරිගිරිය බිසෝපුර නව සංවර්ධන කලාපයේ ජානපදික ගොවි ජනයාගේ ව්‍යවසායකත්වය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මහවැලි අත්සළු පියස,මහවැලි විසිතුරු මත්ස්‍ය අලෙවිසල සහ මහවැලි මල් හා පැල තවාන මේ වන විට වැසී ගොස් ඇතැයි ගම්වාසීහු චෝදනා කරති.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මගින් දේශගුණික විපර්යාසයන්ට අනුහුරු කරවීමේ අරමුදලේ දායකත්වයෙන් ලෝක ආහාර වැඩසටහන හා ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග ඒ්කාබද්ධව මහවැලි ඩී කළාපයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදි කළ මෙම ව්‍යාපෘති සියල්ල පසුගිය 2019 වර්ෂයේ ජූනි මස 01 දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත්විය.
ඒ් අනුව ඒදින ජනතා අයිතියට පත් කළ මහවැලි අත්සළු පියස සඳහා රුපියල් 3,600,000 මුදලක් ආයෝජනය කර ඇති අතර ඉන් 400 ප්‍රතිලාභ ලබයි. තවද ඒදිනම ජනාධිපතිවරයාගේ අතින් විවෘත කරනු ලැබූ මහවැලි මල් හා පැළ තවාන සදහා රුපියල් 4,200,000 ආයෝජනය කර අතර ඒයින්ද 424 ප්‍රතිලාභ ලබයි. විසිතුරු මත්ස්‍ය අලෙවිසැල සඳහා ද රුපියල් 4,500,000 ආයෝජනය කර ඇති අතර ඒ් තුලින්ද 400 ප්‍රතිලාභ ලබා ඇත.
රුපියල් 12 300 000 ආයෝජනය කරමින් ඉදි කළ මෙම ව්‍යාපෘතියේ මත්ස්‍ය අලෙවිසැලේ ජල ටැංකි සියල්ල දිය සෙවෙල් බැදී විශාල ලෙස විනාශ වී ඇති අතර ඒහි සෙවිලි කර තිබූ ආවරණද මේ වන විට කැඩී බිදී ගොස් ඇති බව ඒහි කළ සංචාරයකදී අපහට දැක ගත හැකි විය.
පසුගිය වසරේ නොවැම්බර් මස 07 දින සෝමාවතිය මහා සෑරජුන් අභියස පැවති කඨින පුණ්‍ය මහෝත්වය සදහා කඨින චීවර නිර්මාණය කරන ලද්දේද මෙම අත්සළු පයසේම වන අතර ඒයද මේවනවිට වැසී ගොස් ඇත.
මෙම අත්සළු පයසේ කාන්තාවන් 6 සේවය කර ඇති අතර මෙම අත්සළු පියස වැසී යාමත් සමග ඔවුන් ඒම ස්ථානයේම ඇති ඇපරල් ආයතනයට අනුයුත්ක කළ බව ඒහි සේවය කළ කාන්තාවක් අප වෙත කීය. වසරකට ආසන්න කාලයක් මෙම අත්සළු පියස වැසී තිබීම හේතුවෙන් ඒහි යන්ත්‍ර උපකරණද මේ වනවිට දුහුවිලි සහ මකුළුදැල් බැදී විනාශයට ගොස් ඇති බව ගමුවාසී පුද්ගලයෙකු අප වෙත පෙන්වීය.
තවද ඉදිරියේදී ඒම ස්ථානයේ බතික් පියසක් ඇරඹීමට මේ විට මහවැලි අධිකාරිය විසින් කටයුතු සමපාදනය කරමින් යන බවට ඔවුන්ට දැන ගන්නට ලබී ඇති අතර ඒයද කොතරම්දුරට සාර්ථකවේද යන්න ඔවුනට ඇත්තේ දැඩි අවිශ්වාසයකි.
මහවැලි මල් පැල තවානේ ගෘහයද මේවනවිට විශාල ලෙස වැඩුණු වල් පැලවලින් පිරී ඇති අතර ඒහි අලෙවි කිරීමට තිබූ මල් පැල විශාල ප්‍රමාණයක්ද පැවති අධික උෂ්ණත්වය හමුවේ මැරී ගොස් ඇති බව ද අපට දැක ගත් හැකි විය. තවද ඒ් තුළ වූ ජල සැපයුම් නළ ද කැඩී බිදී විනාශ වී ඇත.
මෙම ව්‍යාපෘතීන් යටතේ ප්‍රතිලාබීන් වෙනුවෙන් බෙදීමට නිමිතව තිබූ ලීටර 1000 සහ 2000 ජල ටැංකි 200 ආසන්න සංඛ්‍යාවක් සහ ජල නළ ප්‍රතිලාභීන්ට ලබා නොදී කැලෑවේ ගොඩ ගතා ඇති අයුරුද අපහට නිරීක්ෂණය විය.
මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතිය යටතේ මැදිරිගිරිය බිසෝපුර නව සංවර්ධන කලාපයක් කර ඒහි අළුතින් ජන පදිකයින් පදිංචි කර ඇති අතර ඔවුන්ගේ ආර්ථිකය නංවාලීම උදෙසා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කළද ඒ්වා නිසි අයුරින් පවත්වාගෙන යාමට අදාල අංශ කටයුතු නොකිරීම හිතාමතාම මහජන මුදල් නැති නාස්ති කිරීමක් බව ප්‍රදේශවාසීන් අපවෙත කීය.
තවද විශාල වශයෙන් මෙම ප්‍රදේශයේ රූස්ස කැලෑව කපා දමමින් වන සතුන්ගේ වාස භූමි අහිමි කරමින් දිනෙන් දින ඉදිකිරීම් සිදු කළද ඉන් ප්‍රතිලාභ ලැබීමට තරම් ප්‍රමාණවත් පිරිසක් දැනට මෙම ප්‍රදේශයේ පදිංචිව නැති බවත් ඒ් තුළින් දැනට අත්ව ඇත්තේ වල් අලි විශාල වශයෙන් ගම්වැදීම පමණක් බව ගම්වාසීන් දැඩි චෝදනාත්මකව අප වෙත කීය. මේ තත්ත්වට හමුවේ වල් අලි සේම මිනිස් ජීවිතද විශාල වශයෙන් අහිමිවූ බව සෝසුසුම් හෙලමින් ඔවුන් අප වෙත කියන්නට විය.
පසුව අප මේ පිළිබදව විමසීමට බිසෝපුර මහවැලි නේවාසික ව්‍යාපාර කළමණාකරු ගාමිණී ගුණවර්ධන මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත් අවස්ථාවේ ඔහු කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ විසිතුරු මසුන් අලෙවි කිරීමට වෙළඳපොලක් නොමැති බවත් විසිතුරුමල් පැලද විදෙස්රටවලට ආනයනය කළ අතර ඒ්වාද මෙම වසංගතය හමුවේ සිදු කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් වැසී ගිය බවයි.
අත්සළු ව්‍යාපාරය කරගෙන යාමට අවශ්‍ය නූල් මිල ඉහළ යාමත් වෙළඳපොල ගැටලු යන කාරණා ගණනාවක් හේතුවෙන් මාස ගණනාවකට මෙම අත්සළු පයිස වැසීමට කටයුතු කළ බවයි. තවද ඉදිරි දිනයකදී නැවත විසිතුරු මත්ස්‍ය අලෙවිසල නැවත ආරම්භ කිරීමට මහවැලිය කටයුතු කරන බවද ඒ් මහතා වැඩිදුරටත් කීය.
උතුරු මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය
මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.
පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ
ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් ර
බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ කිරිමණ්ඩලය අසලින්දී ධාවනය වු යතුරුපැදියක් මතට කපා තිබූ ගසක ඉතිරි දැව කදක් කඩා වැටීමෙන් තුවාල ලැබු තරුණයකු බදුල්ල ශික්ෂ
කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා රියැදුරකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බිසෝපුර නව සංවර්ධන කලාපය අතරමඟ නවතී