IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් 25 සිට ඇරේ

 

(ඩයනා උදයංගනී)

බස්නාහිර පළාතේ හුදෙකලා කර ඇති පොලිස් වසම් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් මෙම මස 25 වැනිදා සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු 1 වැනිදා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බැවින් අපේක්‍ෂකයන් වෙනුවෙන් පාසල් ආරම්භ කළ යුතු බව කී ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට යටත්ව 25 වැනි සඳුදා සිට ඔවුන්ට පාසල් ආරම්භ කරන බව සඳහන් කළේය.

විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගයට සූදානම්වීමේ අවස්ථාව දිය යුතු බවත් එම විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ අවසන්වීමට පෙර නිකුත් කරන බවත් ඇමතිවරයා කීවේය.

අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම සිසුන්ට උසස් පෙළ පන්ති ජූලි මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි කී ඇමතිවරයා වෙනත් වසරවල සැප්තැම්බර් මාසයේ ආරම්භ වන උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කිරීම ආරම්භ කිරීම විශාල ඉදිරි පිම්මක් බවත් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල මාර්තු අවසානයේ හෝ අප්‍රේල් මුල නිකුත් කර ඔවුන්ද කඩිනමින් විශ්ව විද්‍යාලවලට ඇතුළු කරගැනීමේ වැඩපිළිවෙලක් අරඹන බවත් කියා සිටියේය.

එමෙන්ම බස්නාහිර පළාත හා හුදෙකලා පොලිස් වසම්වල හැර අන් සියලු පාසල්වල ප්‍රාථමික පන්ති හා පෙර පාසලුත් ජනවාරි 11 වැනිදා යළි ආරම්භ වන බව ඇමතිවරයා සඳහන් කළේය.

ජනවාරි 11 වැනිදා සිට ආරම්භ වන්නේ නව වසරේ පළමු වාරය බව කී ජී.එල් පීරිස් මහතා දරුවන් අලුත් පන්තිවලට ඇතුළත් කළත් ගිය වසරේ ආවරණය නොවූ විෂය නිර්දේශ කොටස් පළමු වාරයේදී සම්පූර්ණ කරන බව ද කීවේය.

පාසල්වලට නව පෙළපොත් ලබාදීම මේ වන විට සිදුකෙරෙමින් ඇති බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මගින් ද ඕනෑම පෙළපොතක් ලබාගත හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.



අදහස් (0)

බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් 25 සිට ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 918 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1003 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 401 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site