(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බස්නාහිර පළාතේ පිටව යන පුද්ගලයන් සඳහා හෙට(22) සිට අධිවේගී මාර්ගය ඇතුලු  ස්ථාන 11 කදී  ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකිරීමට  නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

එලෙස බස්නාහිර  පළාතෙන් පිටව යන  පුද්ගලයන් මින් පෙරදී  පරීක්ෂා කරනු ලැබුවේ  ස්ථාන  4  ක දී පමණි.

එම පරීක්ෂණවලදී පුද්ගලයන් 11දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණ කරගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවිය.