
(ඩයනා උදයංගනී)
කොවිඩ් මර්දන පළමු මාත්‍රා දෙක ලබාගත් වයස අවුරුදු 30ට වැඩි අයට බූස්ටර් මාත්‍රාව ලබාදීම දිවයින පුරා මධ්‍යස්ථාන ගණනාවක දී ඉකුත් 10 වැනිදා සිට ආරම්භ කෙරුණු අතර ශ්‍රී ලංකා යුද හමුදාව විසින් කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ ආරම්භ කර ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ද බූස්ටර් එන්නත ලබාදීම සිදුකෙරේ.
ඉන් එන්නත් ලබාගැනීම සඳහා අද (13) දිනයේදීද විශාල වශයෙන් පිරිස් පැමිණ සිටිනු දක්නට ලැබිණි.
විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ ස්ථාපිත කර ඇති මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු මනා සැලසුමකින් යුතුව ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබිණි.
පෝලිම්වල සිටි ජනතාව නිසි ලෙස හසුරුවමින්, ඉතා කඩිනමින් ජනතාවට එන්නත් ලබාදීමට එහි සිටි හමුදා නිලධාරීන් පියවර ගත් අතර ඇවිදීමට අපහසු වයෝවෘද්ධ හා ආබාධිත පුද්ගලයන්ට පෝලිම්වල නොපැමිණ එන්නත් ලබාගැනීමට අවස්ථාව සලසා තිබිණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
ලංකාවේ එන්නත්කරණයට හමුදාව අත නොතිබ්බා නම් තාම පළමු මාත්‍රාවවත් දීලා ඉවර කරගන්න බැරිවෙනවා. ඒ අතරේ සෞඛ්‍ය සේවකයින් අයිතිවාසිකම්, පහසුකම්, අතිකාල ඉල්ල ඉල්ලා වැළලෙන්න හදයි. රටේ හමුදාවන්ට ජාතියේම උත්තමාචාරය නැවත නැවතත් ලැබේවා..!
ඔය උද්‍යානයේ බූස්ටර් ගහගන්න එන අය දශක දෙක තුනකටත් එහා ඉඳන් ඉන්නේ...