IMG-LOGO

2024 සැප්තැම්බර් මස 16 වන සඳුදා


බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ අයෙක් අත්අඩංගුවට

( බිමල් ශ්‍යාමන්  ජයසිංහ )

බාල වයස්කාර දැරියන් තිදෙනාට බරපතළ ලිංගික අතවර කළ බව කියන යුද හමුදා සාමාජිකයෙකු යයි කියාගන්නා  පුද්ගලයෙක්   අද ( 8 )  අත්අඩංගුවට ගත්  බව වැලිපැන්න පොලිසිය කියයි .

වයස අවුරුදු 6, 9 හා 12 පසුවන  දැරියන්  තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත .

සැකකාර හමුදා සාමාජික සැමියා සමඟ අමනාපව  බිරිඳ  දරු තිදෙනා සමඟ මහියංගනයේ  මහගෙදර නිවසට  මීට මාස කීපයකට පෙර   ගොස් සිටියදී  එම දැරියන් හොඳින් බලාගන්නා බව මයියංගනය පොලීසියට පවසා  සැකකරු  දැරියන්  වැලිපැන්නෙ  මීගම ප්‍රදේශයේ නිවස  වෙත රැගෙනවිත් තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවූ  බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය .
 



අදහස් (7)

බාල වයස්කාර දැරියන් තිදෙනකුට අතවර කළ අයෙක් අත්අඩංගුවට

sharm warn Tuesday, 08 September 2020 12:00 PM

මේ ප්‍රශ්නවලදී පොඩි දරුවන් මෙවැනි අතවර වලට මුහුණ දෙන අවස්ථා බොහෝමයක් අපි අහනවා, දකිනවා. මම හිතන්නේ මේ සිදුවීමට සම්බන්ධ පොලිසියත් මේකට වගකියන්න ඕනේ. මෙතන අනිවාර්යයෙන් පගාවක් අරගෙන තියෙනවා.

:       0       311

Champa Tuesday, 08 September 2020 12:22 PM

අහිංසක දරුවන් අපයෝජන කරන හමුදා සාමාජිකයන් ගණන එන්න එන්නම වැඩි වෙනවා. ඒ ගාණත් නිවැරදි නැහැ. හේතුව මෙවන් අපරාධවලින් වාර්තා වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් නිසා. හොඳම උදාහරණය තමාගේම අවුරුදු 5, 8, 13 දියණියන් තුන් දෙනා සහ අනිත් බාල වයස්කාර පුතාව කාලයක් තිස්සේ අපයෝජනය කළ හමුදාවේ සේවය කරන තමන්ගේ ස්වාමියා ගැන පොලිසියට පැමිණිලි කරන්න බයවෙච්ච අම්මා කෙනෙක් ගැන කතාව. ඒකෙත් විත්තිකාරයාට ඇප ලැබුණද දන්නේ නැහැ. හමුදාවේ විනය ගැන 2015 ඉඳන් මමත් මහා ඉහළින් කතාකරලා තියනවා. යුද්ධය කාලේ ඔවුන් කළා කිව්ව ස්ත්‍රී දූෂණ චෝදනා, ප්‍රබන්ධ කියලා මම ඉංග්‍රීසි වෙබ්අඩවි වලට ලිව්වේ, දෙමළ ජාතික කොමෙන්ට් ලියන්නන් එක්ක දිගටම වාද කරලා ඒ චෝදනා හමුදාවේ යුද ජයග්‍රහණය ඉවසා ගන්න බැරුව කරන බොරු චෝදනා කියලා කිව්වේ, ඒ කාලේ මේ විදිහට හයක් හතරක් නොදන්නා දරුවන්, තමන්ගේම දරුවන් පවා අපයෝජනය කල හමුදා සාමාජිකයන් ගැන මම කවදාවත් අහලා නොතිබ්බ නිසා. තවදුරටත් මට කලින් වගේ යුද්ධය කාලේ ඔවුන් ගැන තියෙන චෝදනා, බොරු ප්‍රබන්ධ කියලා හිතට එකඟව කියන්න බැහැ. හමුදා පාලකයෙක් ඉන්න රටක හමුදා විනය මේ තරමට පිරිහුනේ කොහොමද කියලා කවුරු හරි මටත් පැහැදිලි කරලා දෙන්න...

:       303       328

කුමාරTuesday, 08 September 2020 02:13 PM

දැන් මෙහෙම නම් යුද්දේ කාලේ උතුරු, නැගෙනහිර වෙච්ච දේවල් ගැන කුමන කතාද?

:       114       9

Champa Tuesday, 08 September 2020 12:39 PM

මේ හමුදා සාමාජිකයාට කුඩා දරුවන් බාරදුන්නු පොලිසියේ නිලධාරින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රටේ සිද්ද වෙන දේවල් ගැන පොලිසියටම අවබෝධයක් නැතිබව කණගාටුවෙන් කියන්න ඕනේ... කුඩා දරුවන්ට තමන්ගේම ගෙදරත් පාසලත්, මහමඟත් අනාරක්ෂිත ඉතාම අරාජික කාලයක් දැන් තියෙන්නේ...

:       16       125

NuwanTuesday, 08 September 2020 02:42 PM

අවබෝධයක් නැතිකම නොවේ.. කවුද ගැහැණු දරුවන් 3 දෙනෙක් අම්මෙක් ඉද්දි අප්පෙක්ට බාරදෙන්නේ... මෙතන වෙලා තියෙන්නේ පොලිසියට කුට්ටියක් ලැබිලා තියෙනවා. අපි නොදන්න පොලිසිය... මේක සහගහන අපරාධයක්...

:       0       118

Prasad Tuesday, 08 September 2020 03:02 PM

මේවා රණවිරුවන්ට මඩ ගහන්න කියන කතා. අපේ විරුවෝ යාපනේදීවත් ගැහැණු ළමයි දිහා ඇහැක් ඇරලා බැලුවේ නැහැ...

:       23       80

කුමාර Tuesday, 08 September 2020 06:01 PM

රණ විරුවන් එහෙම නැහැ... බෝ පැල වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 269 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 103 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 172 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


ඡන්ද පොළේ කලබල කළහොත් වෙඩි
2024 සැප්තැම්බර් මස 16 546 1

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස්දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ලංකාදීපයට පැවසීය.


මැතිවරණ ලොක්කෝ නිරීක්ෂකයන් හමුවෙති
2024 සැප්තැම්බර් මස 16 199 0

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය


කළුතර ශීතකරණ අළුත්වැඩියා මධ්‍යස්ථානයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 16 284 0

කළුතර උතුර ගාලුපාරේ ශීතකරන සහ රෙදි සෝදන මැෂින් අළුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගින්න හටගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 66 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2128 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site