(නිමන්ති රණසිංහ)
පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට ලබාදීමට පොහොර ලේකම් කාර්යාලයෙන් ආනයනය කරන ලද යූරියා පොහොර සදහා ව්‍යාජ රසායනාගාර වාර්තා ඉදිරිපත් කරමින් සිදුකළ බව කියන රුපියල් කෝටි 100කට අධික මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (03) කරුණු වාර්තා කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පවතින පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරනු ලැබූ මෙම වංචාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන කොට්ඨාසයට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ, මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා විසිනි.
පොහොර ලේකම් කාර්යාලය විසින් 2018 සහ 2019 වර්ෂවලදී මෙරටට ආනයනය කරනු ලැබූ යූරියා, මියුරේට් ඔෆ් පොටෑස් සහ ටී්‍රපල් සුපර් පොස්පේට් යන පොහොර වර්ග සඳහා රසායනාගාර වාර්තා ව්‍යාජව සකස් කර මෙම වංචාව කාලාන්තරයක් තිස්සේ සිදුකරමින් තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණීල්ලේ සඳහන්ව ඇත.
මෙම පොහොර සම්බන්ධයෙන් වන රසායනාගාර වාර්තා අසමත් (ෆේල්) වීම නිසා මෙසේ ව්‍යාජ වාර්තා සකස් කර ඇති බවට මෙතෙක් සිදුකර ඇති විමර්ශනවලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් පැමිණීල්ල වූ මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
COMMENTS
හැම එකාම කොමිස් ගන්නවා , එකයි ලංකාවේ කිසිම ව්‍යාපාරයක් පටන් ගන්න හෝ ,පවත්වාගෙන යන්න අමාරු. 10% කියලා මහ එකෙක් යහතින් ඉන්දැද්දී ,අනිත් අය හොරා නොකයි ද . මේ රට වැඩි කල් මෙහෙම දුවන්නේ නැහැ, ඉක්මනින් සොමාලියාවක් වෙනවා. ඒවාට පළමුව වගකියන්න ඕනේ මුල් පුටුවේ ඉන්න කෙනා ඇතුළු සියලු දේශපාලකයින්, ඊට පස්සේ අති බහුතර රාජ්‍ය සේවයේ ඉන්න කොමිස් කාරයෝ.
දැන් සමහරවිට මෙයට සම්බන්ද අය රටෙනුත් පැනලා ගිහින් ඇති.
බාල පොහොර කියන්නෙ මුහුදු වැලිද ගංගා වැලිද කියන්න අමාරුයි නමුත් වැලි වලට මොනවා හෝ සුලුවෙන් මිශ්‍ර කරලා දෙන්නෙ කියලා නම් පොහොර පාවිච්චි කල අප දන්නවා සමහර කොම්පෝස්ට් පොහොරත් එහෙමයි පස් වලට අලු හෝ කම්හල් වලින් අපද්‍රව්‍ය බැහැර කරන කානුවල කුනු එකතු කරනවා කියලා හිතෙනවා රසායනික පොහොර ටිකක් වතුරෙ දියකර බැලුවම පැහැදිලියි. මේවා ජාති ජාතිත් ඵල දෙන පාපකර්ම කියන්න පුළුවන්.
යහපාලනයේ ජඩ වැඩ එකින් එක එලියට එනවා
මේ රජය අත තබන හැම දෙයක්ම උඩින්ම ෆේල්
ලේසියෙන් ලොකු මුදලක් හම්බ කරන ක්‍රමය තමයි කොමිස් ගැහිල්ල. එහෙම බැරී නම් මේ වගේ ව්‍යජ වරතා සකස් කර යටි මඩි ගැසීම. ඉහල ඉදන් පහලටම වංචාව. මේවා තියෙනකම් රට ගොඩගන්න ලැබෙන්නේ නෑ. මේ වැරදිවලට මතක හිටින දඩුවම් නැතිනිසා මුළු රටම වංචාකාරයින්ගෙන් පිරිලා.අහෝ රටට ගිය කලක් !
දැන් මේ රටේ හොරකමට, වංචාවට, අල්ලසට, දූෂණයට සම්බන්ධ නැති කෙනෙක් හොයනවා කියන්නේ නොමල ගෙයකින් අබ හොයනව වගේ වැඩක්. රාජ්‍ය සේවයේ බරපතළ පිරිහීමට ප්‍රධානම හේතුවක් තමා මේ අල්ලස් සහ දූෂණය. අල්ලස් සහ දූෂණය නොගෑවුණු රාජ්‍ය අංශයේ ගණුදෙනුවක් නොමැති තරමට පිරිහිලා. දැන් මේ අල්ලස් සහ දූෂණ බූවල්ලා, පෞද්ගලික අංශයත් සෑහෙන්න ප්‍රමාණයකට බිලි අරන් තියෙන්නේ.
ඇමතිකම් කියන්නේ කොමිස් ගැසීමයි. ඒ නිසා ඇමති මණ්ඩලය යනු කොමිසන් සභාවකි.
මට කියන්න තියෙන්නෙ වංචා දූෂණ අවම කරන්න බැරි පාලකයින්ගෙන් ඇති පලය කුමක්ද? හරියට කරන්න බැරි නම් පුලුවන් කෙනෙකුට දීලා ආපහු හිටපු දිහාවටම යන්න. මේ ව්‍යවස්ථා හදන වෙලාවක් නෙවෙයි. තියන නීති හොදටම ඇති. අන්තිමට වෙන්නෙ ජෙප්පො බලය අල්ලන එක. එක අතකට ඒක හොදයි කියල හිතෙනව…!
නැනෝ පොහොර වලින් කෝටි 800ක් ගහන්න චීන පොහොර වලට එරෙහිවෙන්න බැරිද.?