(රංජිත් රාජපක්ෂ)
බාලදක්ෂ කඳවුරකට සහභාගී වීම සඳහා නිවසේදී පුහුණුවීම් සිදුකළ පාසල් සිසුවෙකු ගෙල සිර වී ජිවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පැවසීය.
මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය කුරුදුවත්ත කරගල පදිංචි නිමොද් ඉෂාන් චන්ද්‍රරත්න නැමති 14 හැවිරිදි පාසල් සිසුවෙකි.
නාවලපිටිය කුරුදුවත්ත ගිරාඋල්ල මධ්‍යම මහ විද්‍යාලයේ 10 වන වසරේ අධ්‍යාපනය ලබන ජිවිතක්ෂයට පත් සිසුවා ඔහුගේ නිවසේ කාමරය තුළ ලණුවක් ආධාරයෙන් බාලදක්ෂ කඳවුරට සහභාගි වීම සඳහා පුහුණුවීම් සිදුකර ඇත.
අවදානම්ව එම පුහුණුවීම් සිදු කරන අවස්ථාවේ මිය ගිය සිසුවාගේ මව විසින් සිසුවාට අවවාද කර ඇති බව පොලිසිය පැවැසීය.
මවගේ අවවාද නොපිලිගත් සිසුවා ලණුවක් ආධාරයෙන් සිදු කරන බාල දක්ෂ ක්‍රියාවක් පුහුණු වීම සිදු කරමින් සිටින අවස්ථාවේ ඔහු පුහුණුවීම් සිදු කළ ලණුව ඔහුගේ ගෙලේ සිර වී සිසුවා ජීවිතක්ෂයට පත් වී ඇති බව කුරුදුවත්ත පොලිසිය පැවැසීය.
මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය නාවලපිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර එම මරණය ගෙල සිර වී සිදු මරණයක් බවට අධිකරණ වෛද්‍යයවරයා සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
140
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
760
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බාල දක්ෂ කඳවුරට යන්න පුහුණුවීම් කළ සිසුවා ගෙල සිරවී මියයයි
Nihal Sunday, 24 March 2019 05:06 PM
හරිම කණගාටු දායකයි මේ දරුවාගේ මරණය. ඒ කටයුත්තට තිබුණු කැපවීම නිසා මෙලොවින් සමුගන්න වුණා. ඒක නිසයි බුදු හිමි දේශනා කලේ මේක දුක් ගංගාවක් කියලා. නිවන් සුව පුතුනි...!!!