
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනිස් පරිභෝජනයට නුසුදුසු තේ කොල ඇසුරුම් කරමින් සිටි පුද්ගලයකු මෝදර එලිහවුස් පාරේ පෞද්ගලික තේ සමාගමක් තුළදී එම තේ කොළ තොගය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
තේ කොළ කිලෝ ග්‍රෑම් 35923 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
ප්‍රසිද්ධ තේ කොල සමාගමක් තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු බාල වර්ගයේ තේ කොල විදේශ ගත කිරීම සඳහා සූදානම් කරමින් සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථාන කඳවුර වෙත ලද තොරතුරක් අනුව වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 57ක පුද්ගලයෙකි.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මෝදර පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප සැමවිටම අදාළ නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මෙවන් තක්කඩි වැඩ කරන්නන්ගේ නම් ගම් පමණක් නොව ඡායාරූපද සහ අදාළ වෙළෙඳ ආයතනවල නම් සියල්ල මහජනතාවගේ දැනගැනුමට සියලුම මාධ්‍යවල ප්‍රසිද්ධ කරන මෙන්ය. එය මොවුන් වගේ කාලකන්නින්ට උසාවිය මගින් ලබාදෙන දඬුවම් වලට වඩා මානසික මෙන් කායික දඬුවම්ය. එසේ ප්‍රසිද්ධ කරන්නේ නම් වෙළෙඳාම කඩා වැටීම, එය අයිති හොරුන්ට මෙන්ම සිය පවුල්වලටද පාරේ යාමට නොහැකි වෙන තත්වයක් උදාවීමම ඇති මෙවන් වැඩ නොකිරීමට...
එම සමාගමට තත්ව සහතිකයක් ඇති එය වහාම අවලංගු කරන්න.. ඒ සමගම දේශීය සම්පත්වල වටිනාකම නැතිකරන මෙවැනි අයට රජ කාලයේ දඬුවමක් දෙන්න...