( රොමේෂ් ධනුෂ්ක සිල්වා )

නව රජයේ බලශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වූ උදය ගම්මන්පිළ මහතා සිය ධුරයේ වැඩකටයුතු නිල වශයෙන් ඇරඹීම කොළඹ 7,  ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවතේ පිහිටි  බලශක්ති  අමාත්‍යාංශයේ දී  අද  (17)  සිදුකෙරිණි.

මහා සංඝරත්නයේ ආශිර්වාද  ලබා ගැනීමෙන් පසුව අමාත්‍යවරයා සුබ මොහොතින් නිල ලිපියකට සිය අත්සන තබමින් රාජකාරි කටයුතු ආරම්භ කළේය.

එම අවස්ථාවට  අමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන්,  කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර සහ වෛද්‍ය සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ද අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.