
(විජේරත්න රත්නායක)
වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීමේ චෝදනාව මත මන්ත්‍ර ගුරුකම් ආදිය සිදුකරන කට්ටඬියෙකු බව කියන පුද්ගලයෙකු අද (08) හාලිඇල පොලීසිය මගින් හාලිඇල උඩකොහොවිල ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩහවත්ත, මුලන, හුංගම යන ලිපිනයේ පදිංචිකරුවෙකු වන 38 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
තැන් තැන්වල යමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය සිදුකරන බව කියන ඔහු යක්කල හා කලගෙඩිහේන යන ප්‍රදේශවල කාන්තාවන් දෙදෙනෙකු සමඟද අනියම් සබඳතාවයන් පවත්වන අයෙකු බව හෙළිවී ඇත.
කන්තලේ වාන්ඇළ ජයන්තිගම යන ප්‍රදේශයේ පදිංචි වින්දිත දැරියගේ නිවසට සැකකරු මීට කලකට පෙර ගුරුකම් කටයුත්තක් සඳහා ගොස් ඇත. එහිදී දැරිය සමඟ ඇතිකරගත් දැනහැඳුනුම්කම මත මාස කීපයකට පෙර දැරියගේ මව්පියන්ට රහසින් ඇය රවටාගෙන හාලිඇල උඩකොහොවිල ප්‍රදේශයේ නිවසකට ඇය කැඳවාගෙනවිත් ඇතැයි අනාවරණය වේ. එම නිවැසි කාන්තාව ද මොහුගෙන් ගුරුකම් කටයුතු කරගෙන ඇති තැනැත්තියක් බැවින් එම හැඳුනුම්කම මත දැරිය එම නිවසේ නතර කරගෙන ඇති අතර දැරිය මේ වන විට ගැබිණියක්ව සිටින බවත් පැවසේ.
ඉකුත් දෙසැම්බර් මස මුලදී මෙම දැරිය නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇගේ මව විසින් සූරියපුර පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති අතර මෙවන් සිද්ධියක් සම්බන්ධව රූපවාහිනී නාලිකාවකින් ප්‍රචාරය වූ පුවතක් අනුව පරීක්ෂණ සිදුකළ හාලිඇල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග අදාළ දැරියද පොලිස් භාරයට ගෙන ඇය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 04
272
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
405
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බාලවයස්කාර දැරිය අපහරණය කළ හුංගම කට්ටඩියා අල්ලයි
සමිත සේනක අලුත්ගමගේ. Monday, 08 February 2021 02:45 PM
මේ වයසේ දරිවියන් හට හරිහැටි ජීවිත අවබෝධයක් නොමැතිකම නිසා ඔවුන් රැකගැනීම සමාජයේ කොයි කාගේත් යුතුකම හා වගකීම වන්නේය. මෙවන් රට කපටි තක්කඩියන්හට මින් ඉදිරියට අවස්ථා ලබා නොදීමට සැමදෙනා විමසිලිමත් විය යුතුය. දිනක් එක්තරා අසංවර මිනිසෙකු මෙවන් වයසේ සිටි දරියකට බසයේදී බලපෑම් කරනු දුටු මා එම දැරිවියට මා සිටි ආසනයේදී මම සිටගෙන ගියෙමි. මෙවන් දරුවන් ගැන අප සැමද දැඩි අවධානයකින් සිටීම අප කරගන්නා උතුම් පිංකමකි. තවද, පිරිමින් වන අප මෙවන් තිරීසනුන් හට විරුද්ධව සැමවිට නැගීසිට දරුවන් රැකගැනීමට වෙර වැඩිය යුතුයි...