IMG-LOGO

2023 ඔක්තෝබර් මස 04 වන බදාදා


බල්ලකු සපා කෑ සිසුවා රෝහලේ දී මිය යයි

(ඩී.ජී.සුගතපාල)

 

මෙයට මාස එකහමාරකට පමණ පෙර අයාලේ යන බල්ලෙකු සපා කන ලද පාසල් සිසුවෙකු අසනීප වීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු අද (29) මියගිය බව  රෝහල් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාපලගම ගොරකගස්දුව පදිංචිව සිටි කහවෙ ගුරුගේ ගවේෂ් නෙත්සර නැමති 12 හැවිරිදි සිසුවෙකි.

මියගිය සිසුවාගේ මරණ පරික්ෂණය හදිසි මරණ පරික්ෂක ඒ.ආර්.එම්.නාසිම් මහතා විසින් කරාපිටිය රෝහලේ දි පැවැත්වූ අතර පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර මහතා විසින් පවත්වන ලදි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වාර්තාකර ඇත්තේ සිසුවාගේ මරණයට හේතුව ජල භිතිකාව බවට සැකකරන අතර වැඩිදුර පරික්ෂණ සඳහා සිරුරේ කොටස් කොළඹ වෛද්‍ය පර්යේෂනායතනයට යවා වාර්තාව ලැබුණු පසු මරණයට හේතුව ස්ථිරවම ප්‍රකාශ කරන බවයි.

මියගිය සිසුවාගේ අක්කා මරණ පරික්ෂණයේදි සාක්කි දෙමින් කියා සිටියේ මෙයට මාස එකහමාරකට පමණ පෙර ටියුෂන් පංතියට යන ගමන් මල්ලි පාරේ දී බල්ලෙක් සපා කා ඇති නමුත් එයට ප්‍රතිකාර නොගත් බවයි.

මරණ පරික්ෂණයේදි ඉදිරිපත්වු සාක්කි හා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සැළකිල්ලට ගත් හදිසි මරණ පරික්ෂකවරයා මරණ පරික්ෂණයේ තින්දුව පසුවට කල් තබා  ප්‍රමාදයකින් තොරව අඩි හයක් ගැඹුරු වලක සිරුර මිහිදන් කරන  ලෙසට නියෝග කර සිරුර ඥාතීන්ට බාර දෙනු ලැබිණි.



අදහස් (9)

බල්ලකු සපා කෑ සිසුවා රෝහලේ දී මිය යයි

අමර Tuesday, 29 September 2020 10:48 AM

හරක් මුදවාගන්නත්, රිලව් මරන්නත් කලින් අයාලේ යන බල්ලන් ගැන බැලුවොත් ජීවිත ඉතිරිවෙයි.

:       1       22

සේනක Tuesday, 29 September 2020 11:15 AM

මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නෑ. බල්ලො පූසො හරක්ගෙ අයිතිවාසිකම් හිමිකම් වලට මූලිකත්වය දෙමු. එතකොට තමයි මේ රට සුඛිත මුදිත වෙන්නේ. නියම සත්ව කරුණාව තියෙන පුද්ගලයින්ට මිනිස්සු ගැනත් කරුණාව පහළ වෙන්න ඕනෑ. දැන් ඔය ගොඩක් සත්තු බදාගෙන උන්ට ආදරේ කරන මිනිස්සු ගත්තොත් ඒ අය සමාජෙ එක්ක මිනිස්සු එක්ක ඇරියස් තියාගෙන මිනිස්සුන්ට වෛර කරන කොට්ඨාශයක්. ළමයි හදනවාට වඩා සත්තු හදන්න පෙළඹෙන්නේ ළමයි වහල්ලු වගේ තමන්ට ඕනෑ විදියට හැදෙන්නේ නැති නිසා. ළමයි හැදීම පරිත්‍යාගයක්. ඒකට බෝධිසත්ව ගතිගුණ තියෙන්න ඕනෑ. මිනිස්සු ඈත් කරලා සත්තු ළංකරගන්න එක විසඳුම නෙමෙයි...

:       6       10

Walter WhiteTuesday, 29 September 2020 11:49 PM

මේ වගේ සමාජෙක ළමයෙක් හදන්න පුලුවන්ද? අනික ළමයින්ට ආදරේ නම් ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ.., තමුන් මාධ්‍යවේදියෙක් කියනවානේ... බලන්න පත්තරේ අරගෙන, උදේම පත්තරේ කියවලා සිත සතුටින් පිනායනවා නේද? කොතැන බැලුවත් මොකක් හරි අපරාධයක්.... පොඩි දරුවෝ මහා රෑ නිවසින් අතුරුදහන් වෙලා ඇළ දොලේ පාවෙවී ඉන්නවා. දියණියට අතවර කරන්න ආ අපරාධකරුවන් පිහියෙන් ඇනලා පියෙක් රෝහලේ. ඉතින් එහෙව් සමාජෙක පුළුවන් මිනිහෙක් හරි, ගෑණියෙක් හරි අසරණ සත්තුන්ට සලකන එකෙන් මේ සමාජෙට කෙරෙන්නේ අංශුවක හරි උපකාරයක්, ඒ දෙයට උපහාසෙන් පහර ගහන අය ඒ වගේ දෙයක් කරන්න හිතන්නේ නැත්තේ තියෙන ආත්මාර්ථකාමීකම නිසා. නාකි වෙනකොට බලාගන්න කවුරුවත් නෑනේ... මේ දේපොළ ටික පිට යන්න දෙන්න බෑ. කෙල්ලෙක්ට වඩා කොල්ලෙක් හිටියානම් හොඳා... ඕයි බලනවකෝ අර ළමයා හරි පව්! ඔය වගේ අදහස් ඕනෑම තැනකින් අහන්න ලැබෙනවා යයි හිතනවද? ඒ සමාජේ හරි සුන්දරයි කියලා... හැමෝම හිනාවෙලා ආදරෙන්, කරුණාවෙන් අනුන්ට උදව් කරගෙන ඉන්නවා කියලා...

:       1       0

amila Tuesday, 29 September 2020 11:47 AM

ඉස්සර අයාලේ යන බල්ලන් ගේන වැඩපිළිවෙළක් තිබ්බා. නමුත් ධර්මද්වීපයක් කියලා සත්තු මරන එක තහනම් කළා. ප්‍රශ්නෙ ඒක නෙමෙයි, මනුස්ස ජීවිතයක වටිනාකම බල්ලෙකුගේ ජීවිතයට වඩා වැඩියි. ඒක නිසා අඩු ගානේ මරන්නේ නැතිනම් බෙහෙත් විදින වැඩ පිළිවෙළක්වත් ඕනෑ..

:       2       12

nimal Tuesday, 29 September 2020 01:53 PM

මේ වගේ සුලු දේකටවත් සුදුසු ප්‍රතිකාරයක් ලබාගන්න බැරි වෛද්‍ය විද්‍යාවෙන් ඇති ඵලය කුමක්ද? හරිම කණගාටු දායකයි.

:       14       2

KamalTuesday, 29 September 2020 02:18 PM

බල්ලෙක් කෑවම ප්‍රතිකාර ලබා දෙන්න දෙමාපියො දැනගන්න ඕනෑ.. ලෙඩේ හැදුණාට පස්සේ බේරන්න බෑ..

:       2       21

සාරසීWednesday, 30 September 2020 06:52 AM

බල්ලෝ, පූසෝ කෑවාම එන්නත් තියෙනවා. පිස්සු බල්ලෙක් කෑවත් එන්නත් තියෙනවා බොරුවට සත්තුන්ට බැන බැන ඉඳලා වැඩක් නෑ. පාසල්වල ඕවත් උගන්නන්න ඕනෑ වගේ.. දෙමාපියන් තමයි වැරදි.

:       1       1

Saththaya Wednesday, 30 September 2020 01:59 AM

මීගමුවේ පෙරියමුල්ල ප්‍රදේශයේ වුණු සිද්ධියට හැමෝම දොස් පැවරුවේ බල්ලා මරපු කෙනාට... ඒක හරි යයි කියමුකෝ.., බල්ලා හදලා එළියට දාපු කෙනාව මේ වගේ හේතු නිසා රිමාන්ඩ් කරන නීතියක් මේ රටේ තිබුණේ නැහැ. බල්ලන් හදනවා නම් පාරේ අරින්න බැරි නීතියක් මේ රටට අනිවාර්යෙන්ම ඕනෑකරන යුගයක් මේක... බල්ලන් මගින් කොරෝනා බෝ වෙන්නත් පුළුවන්...

:       1       3

de silva Thursday, 01 October 2020 11:59 AM

අයාලේ යන බල්ලෝ අල්ලලා වඳ සැත්කම් කරන්න ඕනේ. එහෙම නැතිනම් උන්ව එන්නත් කරන්න ඕනේ. එහෙමත් බැරිනම් මරලා දාන්න ඕනේ. මේ මුකුත්ම නොකර නිකන්ම ඉඳීමෙන් ජල භීතිකාව මර්ධනය කළ නොහැක. බල්ලෝ කෑවාට පස්සේ පිස්සු බලු රෝගෙට එන්නත් කිරීම ඉතා මිල අධික සහ අසීරු කාර්යයකි. මාස 3ක් තුළ නිසි කලට වේලාවට එන්නත් 5ක් විතර මේ මනුස්සයාට ගහන්න ඕනේ. මේවා ලංකාවේ සෑම රෝහලකම නොමැත. කරන දෙයක් ඉක්මනට කරන්න. නැතිනම් කොරෝනා නිසා සිටියා වගේ ජලභීතිකාව නිසා මුලු රටේම ඇඳිරි නීතිය දමාගෙන ඉන්න වේවි..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර හිඟයක් ගැන අනතුරු අඟවයි
2023 ඔක්තෝබර් මස 04 19 0

මේ වනවිට රටේ උද්ගතව ඇති හදිසි කාලගුණික වෙනස්කම් වල බලපෑම නිසා ආහාර හිඟයකට මුහුණ දීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.


චීනාගේ පාස් පොත සමග ගමන් මල්ල උස්සලා
2023 ඔක්තෝබර් මස 04 102 0

හෙට දින නැවත මව් රටට යාමට බලාපොරොත්තුවෙන් සිටී චීන ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්‍රයද සහිත ගමන් මල්ල අද (04) පස්වරුවේ දුම්රියේ ගමන් ගනිමින් සිටියදී සොරකම


වත්කම් ප්‍රසිද්ධ කර ඇත්තේ 225න් 12යි
2023 ඔක්තෝබර් මස 04 159 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන


ඇඟ පෙන්නා මුදල් ගරලා
2023 ඔක්තෝබර් මස 04 521 0

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිය නිරුවත අළෙවි කළ 33 හැවිරිදි සුරූපී විවාහක කාන්තාවක මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ කොට්ඨාසයේ සම


විදුලිපංකාවෙන් ආ මාරයා සිසුවා බිලි ගනී
2023 ඔක්තෝබර් මස 04 286 0

ලෝක ළමා දිනයට සමගාමීව පුස්සැල්ලාවේ පාසලක පැවති උත්සවය වෙනුවෙන් පන්ති කාමරේ පැවති සාදයේදී ඩෙස් එකක් උඩ නැග සිසුන් දෙතුන් දෙනකු සමඟ නටමින් සින්දු කියම


මාතර සියලු පාසල් හෙට අනිද්දා වසා තැබෙයි
2023 ඔක්තෝබර් මස 04 777 0

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) වසා තැබීමට තීරණය කළ බව මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමිනි මුදලිගේ මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

පෙම් කෙලින්න දරුවන්ට කාමර දීලා
2023 සැප්තැම්බර් මස 24 43767 16




කිඹුලාගේ බලු සෙනෙහස
2023 ඔක්තෝබර් මස 01 12619 6

මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 2308 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 830 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 468 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site