IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


බලය තිබූ පළියට පාව්ච්චි කිරීම හොඳ දෙයක් නොවෙයි

(යොහාන් භාසුර)

සන්ධානය ආණ්ඩුවක් තුළ ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ග ප්‍රසිද්ධියේ විවේචනය කරන ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට එරෙහිව පළමු පියවර ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක් නොවන බවත් විනය මාර්ගවලට ගොස් නීතිය යෙදීමට වඩා වර්තමානයේ රට මුහුණ දෙන ගැටලුවල බරපතල ස්භාවය තේරුම් ගෙන සියලු දෙනාම සද්භාවයෙන් එකඟ වූ අරමුණට අවතීරණය වීම වඩාත් හොඳම පියවර බවත් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

බලය තිබූ පළියට පාව්ච්චි කිරීම හොඳ දෙයක් නොවන නිසා අලුත් වසරේ නැවුම් විදියට සිතා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සෑම පක්‍ෂයකම ව්‍යවස්ථාවේ මෙවැනි තත්වයන්ට ගතහැකි නීතිමය පියවර තිබෙන්නාක් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ව්‍යවස්ථාවෙත් ඒ සඳහා වගන්ති ඇති බව ද සඳහන් කළේය.

සෑම පාර්ලිමේන්තු සැසිවාරයකට පෙරම ආණ්ඩු පක්‍ෂය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අවස්ථාවේදී ඕනෑම කෙනෙකුට විවේචනය කිරීමේ අවස්ථාව ඇති බවත් එළියට ගිහිල්ලා මයික් එකක් අල්ලපු හැම තැනම රජය විවේචනය කරමින් ජනප්‍රිය නොවන තීරණයක් පිළිබඳව “අපි ඕකට නෑ අපි වගකීම ගන්නෙත් නෑ අපිට වගකීම ගන්නත් බෑ” යැයි ප්‍රකාශ කරමින් ආණ්ඩුවේ සිටීම පරස්පර විරෝධී බවත් අමාත්‍යවරයා කීය.

බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය. 

 



අදහස් (0)

බලය තිබූ පළියට පාව්ච්චි කිරීම හොඳ දෙයක් නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site