
(විනීතා එම් ගමගේ)
නාගරික උද්‍යානයක් ඉදිකිරීමට සූදානම් වූ මීතොටමුල්ල කසළ කන්ද කඩා වැටුණු ස්ථානයේ මේ වනවිට යටකර පස් දමා ඇති කසළ එතැනින් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැරසෙයි.
එහි නාගරික උද්‍යානයක් ඉදිකිරීම සඳහා අක්කර 22 භූමි ප්‍රමාණයක කසළ තුනීකර පස්පුරවා තණ පිදලි අල්ලා ඇතත් එහි උද්‍යානයක් ඉදිකිරීමට සුදුසු තත්ත්වයක් නැතැයි නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා ලංකාදීපයට පැවැසීය.
රුපියල් බිලියනයක් පමණ ඊට වැයකොට ඇතත් බිලියනයක් වැය වන වැඩක් එහි සිදුවී නැතැයි කී රණවීර මහතා බිලියනයක් වැය කරනවිට එහි තිබු කුණු කන්ද ඉවත්කිරීමට පවා හැකියාව තිබු බව ද කීය.
2016 වසරේදී මෙම කුණු කන්ද කඩාවැටුණු අතර ඉන්පසු එහි තිබු කුණු තුනී කර ඒ මත පස්පුරවා නාගරික උද්‍යානයක් ඉදිකිරීමට එවකට පැවැති රජය පියවර ගත් නමුත් සිදුකර තිබුණේ කිසිදු ප්‍රමිතියකන් තොරව පස්පුරවා පිදලි ඇල්ලීමක් පමණක් බවත් උද්‍යානයක් සඳහා කිසිදු සැළැස්මක් නොතිබු බවත් හෙතෙම කියා සිටියේය.
වියදමට සරිලන සංවර්ධනයක් එහි සිදුව නොතිබු බවත් කෙසේ වෙතත් නාගරික උද්‍යානයකට සුදුසු තත්ත්වයක් එහි නොමැති බවත් කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි ඇති කසළ ඉවත් කළ යුතු බවට නාගරික සංවර්ධන අධිකාරිය තිරණය කර ඇති බැවින් ඒ සඳහා වන අධ්‍යයනයක් මේ වනවිට සිදුවෙමින් පවතින බව ද රණවීර මහතා කියා සිටියේය.
COMMENTS
මේ වගේ සුදු අලි නිසා ජනතාවගේ බදු සල්ලි බිලියන කීයක් නම් පස් වෙලට යට වෙලා ඇතිද? කවුද මේවට වග කියන්නේ? මට නම දැන් හිතිලා තියෙන්නේ "ලංකාව සංවර්ධනය වන රටකි" කියලා නෙවෙයි, "ලංකාව සංවර්ධනය කළ නොහැකි රටකි".
ඒ ඉඩමටත් වැඩේ හරි...
තවත් බිලියනයක් ගිලින්නයි යන්නේ. එතකොට බිලියන දෙකයි. එයාලා එකයි. මෙයාලා එකයි. ඔක්කොම දෙකයි.
බොරුවට දෝෂාරෝපණය නොකර නඩු පවරා අලාභය අයකරගන්න.
මේ කරලා තියෙන්නේ ඉඩම් කට්ටි කරන අයගෙන් උපදෙස් අරගෙන. කුණු යට කරලා පස් දැම්මම කාලෙකට පස්සේ කුණු දිරනකොට මොකද වෙන්නේ කියලා අපේ ගම්වල අය නම් හොඳට දන්නවා. ඕවා කරවපු ආචාර්ය-මහාචාර්යවරුන්ට වඩා...
මං දැක්කා ගොසිප් අඩවියක තියනවා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කරපු නිසා ඒ සමාගම කෝටි 627ක් ඉල්ලනවා කියලා. එතකොට මේකත් එක්ක කෝටි 727යි නිකංම. දේශපාලුවො සතයක් හම්බ නොකර අපෙ රටට කරන විනාසය...