(එෆ්.අස්ලම්)
බලයට පත්ව වසරක් යන්නට මත්තෙන් උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුමක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසැකවම ගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අද (17) ප්‍රකාශ කර තිබේ.
එම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමත් ජාතික ගැටළුවට පූර්ණ බලතල බෙදීමක් සිදුකිරීමත් සිදුවනු ඇතැයිද අගමැතිවරයා දෙමළ ජාතික සන්ධාන පිරිවර හමුවේ සඳහන් කළ බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අතර මීට දෙමළ ජාතික සන්ධානයේ එක් මන්ත්‍රීවරයෙකු හැර අනෙක් සියළුම මන්ත්‍රීවරුන් සහභාගී වී තිබේ.
මෙහිදී තමන් මීළඟ ආණ්ඩුව තුළින් බලයට පත්ව වසරක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එතුළින් දෙමළ ජනතාවගේ ජාතික ගැටළුවට පුළුල් බලතල බෙදීමක් සහිත දේශපාලන විසඳුමක් ගෙන එන බවත් නව මැතිවරණ ක්‍රමයක්ද ව්‍යවස්ථාව තුළින් හඳුන්වා දෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානය හමුවේ අවධාරණය කර තිබේ.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා හමුවේ දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කර ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහාය අගය කරන බවය.ඊට උපරිම සහයක් දෙමළ ජාතික සන්ධානයෙන් හිමිවන බවය.
එමෙන්ම කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පූර්ණ බලතල සහිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත්කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබෙන අතර එම කාර්ය තමන් කඩිනමින් සිදුකරන බවට අගමැතිවරයා මෙහිදී පොරොන්දු වී ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සඳහන් කළහ.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා වෙත දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තිදෙනෙකු යෝජනා වී ඇතැයි පෙනෙන බවය.
මෙය දෙමළ ජාතික සන්ධානයේ අර්බුදයක් නොව එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් වන හෙයින් එක්සත් ජාතික පක්ෂය විසින්ම ස්ථිර ජනාධිපතිධූර අපේක්ෂකයා කවුරුන්ද වග තීර්ණය කරගනිමින් පක්ෂයේ ඇති ගැටළුව විසදාගත යුතු බවය.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානය වශයෙන් මෙතෙක් කවුරුන්ට සහාය දැක්විය යුතුද යන්න තීරණය කර නැති බවත් දෙමළ ජනතාවගේ ඉල්ලීම් වලට කන්දෙන විශ්වාසනීය පොරොන්දුවක් ලබාදෙන අපේක්ෂකයා හට දෙමළ ජාතික සන්ධානය සහාය වන බවද සම්බන්ධන් මහතා අවධාරණය කර ඇත.
තවද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියළුම දේශපාලන පක්ෂ සමඟ දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවත් සන්ධානයේ සහාය එම සාකච්ඡා අනුව තීරණය කරන බවත් සම්බන්ධන් මහතා අගමැතිවරයා හමුවේ අවධාරණය කර ඇතැයිද දෙමළ ජාතික සන්ධාන ආරංචිමාර්ග කියයි.
COMMENTS
බොරුවේ මුල...
එතකොට දැන් ඉන්නේ බලේ නෙමෙයිද? අපි හරක් නෙමෙයි ඕවා විශ්වාස කරන්න.
පාවාදීමේ අවසාන කොටස සම්පූර්ණ කරන්න නේද මේ " " මිනිසුන්ගෙන් ඡන්දෙ හිඟමන් යදින්නේ... මව්බිම පාවාදුන්නු මෙන්ම පාවාදීමට සැරසෙන එකෙකුටවත් හොඳක් වුණාද යන්න අතීතය හොඳින් පාඩම් කියාදී ඇති බව සූත්තර පුංචාට නිතරම අමතක වෙන දෙයක්නේ..
ඔව් ඉතිං රට කෑලිවලට කඩලා දීලා හරි බලයට ආවොත් ඇතිනේ...
කාගේ වුවමනාවටද? මේ ඔක්කොම කොටි ත්‍රස්තවාදීන් නියෝජනය කරන දෙමළ සන්ධානයේ වුවමනාවට... ඡන්ද ටික කඩා ගන්න. මිනිස්සුන්ට ඕවා නෙමෙයි ඕනේ. දියුණු ආර්ථිකයක්, දුප්පත් මිනිස්සුන්ගේ සමාජ සුභසාධනය, හොඳ අධ්‍යාපනයක්. නීතියේ ආධිපත්‍යයක්, මේවා තමයි අද ලංකාවට ඕනේ... මෙයා හදන්නේ රටම විකුණලා හරි බලය ගන්නයි. යහපාලනේ කියලා රටම කාලා දැන් බයිලා ගහනවා. රට, ආගම ගැන කිසිම හැඟීමක් නැහැ.
එහ්ටකොට දැන් බලය නැද්ද?
ඉතාම හොද ප්‍රවනතාවයක්. ඉතිහාසයෙ ප්‍රතම වතාවට ස්තිරසාර විසදුමක් ලැබෙයි වගේ මේ ප්‍රශ්නෙට.
හි ...හි... එතකොට දැන් නින්නේ බලයේ නෙමෙඉද?
මේවා තවත් විස්වාස කරන මිනිස්සු ලංකාවේ නෑ
ඇයි දැන් 5ක් හිටියා මොකද කලේ? බලයේ හිටියේ නැත්ද? මේවා මේ ද්‍රවිඩ සංධානය වෙනුවෙන් කරන කතා. හැබැයි පුතෝ මෙවර නම් ද්‍රවිඩ ජනතාව රැවැට්ටුවට සිංහල ජනතාව නම් රවට්ටන්න බැහැ.
ප්‍රශ්නය පැන නොනගී...
පස්සේ මොකටද? දැනටමත් බලයේ නේද ඉන්නේ? අනික මේ ඡන්දෙටම ඒ වගන්තියත් ඇතුල් කරන්නකෝ. අපි ඡන්දෙ දෙන්නම්. බය වෙන්න එපා. දැන්නම් ගුලි ගිලලා ගිලලා ඇතිවෙලා තියෙන්නේ.
ඇයි දැනටත් බලයට පත් වෙලානේ ඉන්නේ අවුරුදු හතර හමාරකට.
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ......
ඔබතුමාගේ වැඩ කටින් විතරයි. ඔබතුමා පත්වුනොත් මුලින්ම කරන්නේ නෙලුම් කුලුන විකුණන එක.
මෙයාට ඡන්දය දෙන්න එපා. ඔහු රට තුනට කඩනවා.
ඹබට නැවතත් බලය පවරන්න අපිට පිස්සුද ?
ජාතික ධනය නිකරුනේ වනසන පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමද කළ යුතු කාර්යයකි.ඒ අතර උතුරේ තියෙනවා කියන අර්බුදය විසඳීමට දරුවන්ට හෝඩියේ සිටම අපහසුනම් 5 වැනි ශ්‍රේණියේ සිටවත් ත්‍රිවිධ භාෂාවන් අනිවාර්යය කළ යුතුය.ඒවාට පහසුකම් සැලසිය යුතුය. පුරවැසි සියල්ලන්ටම රටේ තිබෙන භාෂාවන් ලිවීම කියවීම හා කතා කිරීමට හැකිනම් සියලු ප්‍රශ්න විසදේවි (.කවුරුහෝ පසුගිය දිනක සිංහල භාෂාවත් බුදු දහමත් ඉගෙනීම දරුවන්ට බරවැඩියි කියා තිබුන බවක් අසන්නට ලැබීම අපේ අභාග්‍යයක් කියන්න වෙනවා.) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස්කරන්නේ නම් ජනතාවගේ අදහස් ලිඛිතව ගන්නා ක්‍රමයක් ඇතිකර එවැනි යෝජනා විද්වත් මණ්ඩලයක් විසින් විමසා සුදුසු අදහස් ගෙන ව්‍යවස්ථාව සකස්කරන්න.
‘‘බලයට පත්වී වසරක් යන්නට පෙර අලුත් ව්‍යවස්ථාවක් ගේනවා‘‘ 2900 දි විතර වෙන්න ඇති නේද ?
කිමද? වෙන්නේ අනේ නොදැනේ... මෙයින් මතුදා.
අනේ නිකන් ඉන්න මගේ දරුවෝ, අවුරුදු පහකට කර නැති වැඩ දැන් අවුරුදෙන් කරන්න කතා. අපි නම් අහුවෙයි ඕවට...
අපි කරලා බලමු .
අම්මපා .. අවුරුදු 5ක් ගියා. කොන්දක් නැහැ රටට එක නීතියක් ගෙනෙන්න. එක එක ජාතික අන්තවාදීන්ට යටවෙලා රටේ නීතිය, සාමය පහතට දාලා දැන් එනවා අවුරුද්දෙන් නීති හදන්න. ඈ බොල, තවම ලංකාවේ ISIS කාරයෝ අල්ලලා හිරේ දාන පුළුවන් නීති තියෙනවද? නැගෙනහිර අරාබි මාර්ග ලකුණු ඉවත් කළාද? ගෙදර යන්න... කරන්න පුළුවන් කෙනෙකුට දෙන්න.
බලයට පත් වී... හිතාගෙන ඉන්නේ ආයෙමත් එන්න ලැබෙයි කියලද ? අඩු ගානේ පක්ෂේ අපේක්ෂකයාව තෝර ගන්න බැරි නායකයෙක් . කාටද මෙයාව ආයෙමත් රට භාර දෙන්න තරමට විශ්වාස කරන්න පුළුවන් ? අවුරුදු 5ක් ලෝකේ තියෙන ඔක්කොම වැරදි වැඩ කරලා අන්තිමේදී මතක් වෙලා රට සංවර්ධනය කලේ නැහැ නේද කියලා . තව අවුරුදු 5ක් දුන්නමත් ඔය ටිකම තමයි කරන්නේ . රැවටෙන්න එපා මේ ද්‍රවිඩ චන්ද ටික අල්ලගන්න ගහන තුරුම්පු වලට .
දැන් එතකොට මෙයා විපක්ෂයකද ඉන්නේ...?
එතකොට මෙච්චර දවසක් මොනවද කලේ? අනේ මහන්සි නැද්ද ඔයතරම් වැඩකරන්න.
මෙයාව ඊළග පාර තේරුවොත් ලංකාව කියලා එකක් නෑ විකුණගෙන කාලම....
ඔව් ඔව් අදාළ අය එක්ක කතා කරලා තීරණයකට එන්න ඇතිනෙ.
ආපහු බලයට ආවොත් නේ ?
එතකොට දැන් බලයේ ඉන්නෙ කව්ද? අපිද?