(ඩයනා උදයංගනී)
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින ‘බුල්බුල්’ සුළි කුණාටුව ඉතා චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය ඉදිරියේදී තව දුරටත් වර්ධනය වෙමින් ඉන්දියාවේ බටහිර බෙංගාල සහ බංග්ලාදේශ වෙරළ තීරය දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
එහි බලපෑමෙන් බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ඉතා රළු විය හැකි නිසා නොවැම්බර් 11 වැනිදා දක්වා එම මුහුදු ප‍්‍රදේශයේ ධීවර හා නාවුක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.
විශේෂයෙන්ම එම මුහුදු ප‍්‍රදේශයේ යාත‍්‍රා නොකරන ලෙස බහුදින ධීවර යාත‍්‍රාවලට දැනුම් දී ඇතැයි ඔහු පැවසීය.
බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ තද වැසි සමඟ පැයට කිලෝමීටර 80, 100 පමණ වේගවත් හා විටින් විට පැයට කිලෝමීටර 120 සිට 130 පමණ දක්වා ඉතා තද සුළං ඇති විය හැකි බැවින් මුහුදේ ස්වභාවය දළ රළු විය හැති බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
දිවයිනේ බොහෝ ප‍්‍රදේශවල හෙට (09) පස්වරුවේ වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේත්, ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව ද හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
162
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බුල්බුල්’ සුළි කුණාටුව චණ්ඩ වෙයි