
(ඩී.ජී.සුගතපාල)
බලපත්‍ර නොමැතිව නිති විරෝධි ගිනි අවි හතරක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අද (19) දහවල් අත් අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
යක්කලමුල්ල මලන්දෙණියේදි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුද අකුරැස්ස පොලිස් වසටම අයත් මලිදුවදි මෙරට සාදන ලද ගිනි අවි දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් කම්කරු රැකියා සහ ගොවිතැන් කරන බවඅනාවරණයවි ඇති අතර සැකකරුවන් සහ ගිනි අවි හෙට (20) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.