(අනීෂා මානගේ)
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවට අයත් මාර්ග, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් අද (14) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු හා ප්‍රාදේශීය ලේකම්වරිය අතර අර්බුදකාරී තත්වයක් ඇති විය.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා සහ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම්වරිය හමුවීමට පැමිණ මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වමින් තවදුරටත් මෙලෙස මාර්ග ඉදිකිරීම් නොකරන ලෙස ප්‍රාදේශීය ලේකම්වරියට දැන්වූහ.
පළාත් පාලන පනත මගින් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ කිසිදු අවසරයකින් තොරව කොට්ඨාසයේ කිසිදු මාර්ගයක ඉදිකිරීම් සිදුකළ නොහැකි බව සභාපතිවරයා පැවසීය. එහිදී මෙම අර්බුධකාරී තත්ත්වය ඇති විය.
කොට්ඨාසයේ මන්ත්‍රීවරුන්ගේ අවසරයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් එම කොට්ඨාසවල මන්ත්‍රීවරුන් අතරද ගැටුම් හට ගෙන ඇතැයි හෙතෙම පැවසුවේය.
මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාංචනා තල්පාවිල මහත්මියගෙන් කළ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
“මාර්ග ඉදිකරන්න බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් අනුමැතිය ඉල්ලා අපි ලිපි යැව්වා.
නමුත් එකඟතාව පළකරලා යළි ලිපි අපිට එවා තිබුණේ නැහැ. නමුත් පාරවල් ඉදිකිරීම් සිදුකරන්න කියලා අපිට දිසාපතිතුමාගෙන් උපදෙස් ලැබුණා.
අපි පාරවල් ඉදිකරනවිට සභාපතිතුමා මට දුරකථනයෙන් කථා කර දෝෂාරෝපණය කලා. දැනට වැඩ ආරම්භ කර නැති මාර්ග ඉදිකිරීම් නවත්වන්න කියලා අපි ව්‍යාපෘති කරන අයට උපදෙස් දුන්නා. ”



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රාදේශිය සභාව කරන්නේ නැත්නම් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් ලෙස ප්‍රාදේශිය ලේකම් හෝ ජනතාවගේ අවශ්‍යතා ඉටුකලයුතුයි. පැරණි කියමනක් තියෙනවානේ බල්ලා පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කියලා... මෙතන වෙලා තියෙන්නේ ඒකමයි.