IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බේරේ වැවේ මගී බෝට්ටු සේවය හෙට සිට

(මනෝජ් හර්ෂික)

කොළඹ නගරයේ මහා මාර්ග තදබදයට විසඳුමක් ලෙස යූනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක වන බේරේ වැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවයේ ආරම්භය හෙට (21) සිදු කෙරේ.

කොළඹ නගරය පුරා ඇති වී ඇති  රථවාහන තදබදයට විසඳුමක් ලෙස නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට යූනියන් පෙදෙස දක්වා බස් රියකින් ගමන් කිරීමේදී විනාඩි 30 ක පමණ කාලයක් ගත වන අතර මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවාවෙන් මිනිත්තු 9 -10 ක් අතර කාලයකින් තුළදී ගමනාන්තයට ළඟා විය හැක.

මුල් මාසය ඇතුළත මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසා ඇති අතර මහානගර අමාත්‍යාංශය මගින් පරිපාලිත ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මෙම සේවාව පවත්වාගෙන යනු ලබයි.

ශ‍්‍රී ලංකා නාවුක හමුදාව හා ඒකාබද්ධව කි‍්‍රයාත්මක මෙම යාත‍්‍රා සේවය නාවුක ගමනා ගමනයේදී පිළිපැදිය යුතු සියළු ආරක්‍ෂක විධිවිධාන අනුගමනය කරමින් ගමනාගමන කටයුතු සිදු කෙරෙන අතර මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංකල්පයකට අනුව මෙම සේවාව ක්‍රියාත්මක කරයි.

 



අදහස් (15)

බේරේ වැවේ මගී බෝට්ටු සේවය හෙට සිට

Chaina Wednesday, 21 August 2019 04:51 PM

ඕක පයින් යන දුරනෙ. ගෝටාභය පටන් ගත්තෙ වැල්ලවත්ත සිට බත්තරමුල්ලට බෝට්ටු සේවය ඉතාමත් දූරදර්ශි ක්‍රියාවක්

:       1190       1514

අසංක Wednesday, 21 August 2019 06:00 PM

මේක මීට වැඩිය දිගට යොදවන්න බැරිද? දෙහිවල, මොරටුව දිහාට වගේ. එහෙම උනොත් මීට වඩා හොදයි

:       14       550

මුණසිංහ Thursday, 22 August 2019 01:27 AM

කොහොම වුණත් ගෝඨාගේ නගර සංවර්ධන ව්‍යාපෘතිය මෙයාලටත් පිළිගන්න වුණා. පක්ෂ භේදයකින් තොරව ලංකාව පුරාම එය දිගටම ක්‍රියාත්මක කළා නම් ලංකාවේ නගර මේ වෙනකොට ඉතා හොඳ තත්වයකට ඇවිල්ලා.

:       146       401

Bamunuarachchi Thursday, 22 August 2019 01:40 AM

ඇයි මහනුවර, අනුරාධපුර, පොලොන්නරුව... බැරිද මන් අහන්නේ?

:       1       3

janahithaThursday, 22 August 2019 07:32 AM

මොලේ තරම... මහනුවර සිට අනුරාධපුරයට ගඟක් හාරලා බෝට්ටුවක් යන වියදම ගොඩබිම යන බෝට්ටු ලෝකයේ නැහැ නොවැ.

:       1       2

පුෂ්පාThursday, 22 August 2019 10:37 PM

බමුණුගේ විහිළුවක්නේ. ඉල ඇදෙන කතා...

:       0       0

himal Thursday, 22 August 2019 03:21 AM

ඔය යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ ශක්‍යතා අධ්‍යනයකින් පසුව. මොකද බේරේ වැවේ දැන් තමයි නිසි අයුරින් පවිත්‍ර කිරීම් කටයුතු වෙන්නේ. බේරේ වැව අපවිත්‍ර වීමට ප්‍රධානම හේතුව වෙන්නේ ඒ හරහා නාගරික වතු නිවාස ගණනාවක මළ අපවහනය සිදුවීම. ඒකට ක්ලෝරීන් දාලා දුගඳ යවන එක විතරක් මදි. ඒ මළ අපවහන නළය වසර සිය ගණනකට පසුව දැන් තමයි ප්‍රතිසංස්කරණය වෙන්නේ.

:       24       42

appu Thursday, 22 August 2019 07:34 AM

මළපහ කරන්න තහනම් කරමු ප්‍රශ්නේ අහවර නොවැ..., නැතිනම් සාෆි වෛද්‍යතුමාට කියලා පොරොප්ප ගස්සවමු.

:       76       95

himal Thursday, 22 August 2019 03:21 AM

ඔය යෝජනාව ක්‍රියාත්මක වෙන්නේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුව. මොකද බේරේ වැවේ දැන්තමයි නිසි අයුරින් පවිත්‍ර කිරීම් කටයුතු වෙන්නේ? බේරේ වැව අපවිත්‍ර වීමට ප්‍රධානම හේතුව වෙන්නේ ඒ හරහා නාගරික වතු නිවාස ගණනාවක මළ අපවහනය සිදුවීම... ඒකට ක්ලෝරීන් දාලා දුගඳ යවන එක විතරක් මදි. ඒ මළ අපවහන නළය වසර සිය ගණනකට පසුව දැන් තමයි ප්‍රතිසංස්කරණය වෙන්නේ...

:       31       45

isurandi Thursday, 22 August 2019 04:49 AM

ඕක නාවික හමුදාව යටතේ පමණක් නඩත්තු කළොත් වටිනවා. නැත්තම් ඉතින් ඕකත් අර ත්‍රිවිල් වගේ වෙයි.

:       0       94

ධම්ම Thursday, 22 August 2019 05:16 AM

පයින් යන දුරනේ..

:       16       23

සෑම් Thursday, 22 August 2019 06:48 AM

ගෝඨාභය තුමාට ලකුණු වැටෙන වැඩ තමයි මේ ගොල්ලොත් කරන්නේ..

:       29       52

MANGALA Thursday, 22 August 2019 10:09 AM

මේ වැඩේ මුලින්ම පටන් ගත්තේ ගෝඨාභය... අද චම්පික එයාගේ වැඩක් විදියට කළාට මේකේ සංකල්පය ගෝඨාගේ පසුගිය අවුරුදු 5 කරගෙන ආපු වැඩ ටික කරගෙන යන්න ඇරියානම් මේ වනවිට කොළඹ නගරයේ වාහන තදබදයත් අවසන්..

:       23       126

රාජුන් Thursday, 22 August 2019 10:41 PM

දැන් මේ බෝට්ටුවලටත් ලංගම බස්වලට වගේ එල්ලිලා යන තරමට සෙනඟ පටවනවද?

:       0       0

MAGIYA Friday, 23 August 2019 01:34 PM

පටන්ගත් එකම බෝට්ටු සේවාවක් ලංකාවේ තවම තියනවද? බොරු වියදම් පමණි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site