IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බොරැල්ලේ රන් කොල්ලයට කතුන් හතරක් අල්ලයි

(යොහාන් භාසුර)

බොරැල්ල නගරයේ ස්වර්ණාභරණ අලෙවිසලකට ඇතුළු වී වෙඩි තබා සේවකයන් බියකර රුපියල් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් ආභරණ කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ආධාර සහ අනුබල දීමේ චෝදනාවට කාන්තාවෝ සිව් දෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවෝය.

මෙම රන් ආභරණ කොල්ල කළ සැකකරුවන් දෙදෙනා මේ වන විටත් හඳුනාගෙන තිබෙන බවත් ඔවුන් මිනීමැරුමක සහ මංකොල්ලකෑම් දහයකට ආසන්න සංඛ්‍යාවක ප්‍රධාන සැකකරුවන් බවත් පොලිසිය කියයි.

මෙම සැකකාරියන් සිව්දෙනා කඩුවෙල සහ බෝමිරිය යන ප්‍රදේශ වල පදිංචි කාරියක් බව කී පොලිසිය එම සිව්දෙනාගෙන් දෙදෙනෙකු පසුගිය දෙසැම්බර් මස පළවෙනිදා බොරැල්ලේ එම ස්වර්ණාභරණ අලෙවිසලට ගොස් මුදුවක් මිලදීගෙන එහි පරිසරය පිළිබඳව කොල්ලකරුවන්ට ඔත්තුව සපයා ඇති බවද පොලිසිය කියයි.

එම කාන්තාවන් කොල්ලය සිදුකළ පසුගිය 11 වැනිදා බොරැල්ල සහ මරදාන ප්‍රදේශවල මාර්ග වර්ණ සංඥා පිළිබඳව කොල්ලකරුවන්ට තොරතුරු ලබාදී ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

කොල්ලකරුවන් දෙදෙනා කොල්ලය සදහා යොදාගත් ගිනිඅවිය අත්අඩංගුවට පත් කාන්තාවකගේ බෝමිරිය ප්‍රදේශයේ නිවසකින් ලබාගෙන ඇති බවත් සැකකාරියන් සිව්දෙනා දින හතක රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි. බොරැල්ල පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.

 



අදහස් (1)

බොරැල්ලේ රන් කොල්ලයට කතුන් හතරක් අල්ලයි

පිටිගල මිලානෝ Tuesday, 21 December 2021 10:09 AM

දියුණුව කෙසේද යත් දැන් අක්කලත් වැඩේට බහින සයිස් එකක් තියෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site