IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බොරැල්ලේ බෝම්බය ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

(සුජිත් හේවාජුලිගේ )

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය පිටුපස කුමන්ත්‍රණයක් සිදුවී ඇත්දැයි  සොයා ගැනීමට දිගින් දිගටම විමර්ශන පවත්වන බව පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පැවැසීය.

එසේම දේවස්ථානයට මෙම බෝම්බය රැගෙන ආ පුද්ගලයා හෝ පුද්ගලයන්  කවුරුන්දැයි  සහ  එය කුමන  අරමුණක් වෙනුවෙන් රැගෙන ආවා දැයි සොයා ගැනීමටද  විමර්ශන පවත්වන බව පැවසූ පොලිස්පතිවරයා  සිද්ධියේ සියලුම සැකකරුවන් තරාතිරම නොබලා නොපමාව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස විමර්ශන අංශවලට දැනටමත්  නියෝග කර ඇතැයිද    ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ලැබී ඇති විද්‍යාත්මක පරිවේශනීය  තාක්ෂණික  සහ  පුද්ගල සාක්ෂි පිළිබඳව  අදාල ක්ෂේත්‍රයන්හි විශේෂඥයන්ගේද  සහාය ලබා ගනිමින් අඛණ්ඩව විමර්ශන පවත්වන බවත්    සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 දෙනෙකුගෙන්  දැනට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්  වික්‍රමරත්න මහතා   පැවසුවේය.

සිද්ධියේ විමර්ශන තවමත් අවසන් වී නැතැයි පැවසූ හෙතෙම  විමර්ශන සඳහා සී.සී.ටී.වී දර්ශනද   උපයෝගී කරගෙන ඇතැයි සඳහන් කළේය.

කොළඹ නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක  තිබී මේ ආකාරයටම බෝම්බයක් මෙයට පෙර හමුවූ බවත් මාස තුනකට ආසන්න කාලයක් පුරා පැවැත්වූ  පුළුල් විමර්ශනයකින් පසු සිද්ධියට සම්බන්ධ සියලු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පැමිණවීමට  කටයුතු කළ බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (6)

බොරැල්ලේ බෝම්බය ගැන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජගත් ලියනගේ Friday, 14 January 2022 04:43 PM

ඔව්, c.c.t.v. බලපු විදිහෙන් අපිට හිතාගන්න පුළුවන් මොකක්ද වෙන්න යන්නේ කියලා...

:       1       1

p perera Friday, 14 January 2022 05:01 PM

කාදිනල් පියතුමා මතුකළ මූලික ප්‍රශ්නයකටවත් මෙතුමා උත්තර දෙන්නේ නෑනේ...!!!

:       1       1

Mama Friday, 14 January 2022 09:08 PM

පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සැඟවූ ආයුධ පෙන්වීමට යාමේ දී, සැකකරුවන් මිය යෑම වැනි දෙයක් බොරැල්ල සිද්ධියේ දීද සිදුවී ඇති බව 99.9999% ක් පැහැදිලි වේ. දේශපාලනය නම් වන කඩයේ හොඳම පාරිබෝගිකයා පොලිසිය ද කියලත් හිතෙනව දැන් දැන් සිදු වෙන දේවල් බැලුවාම.

:       0       1

Lalith M Saturday, 15 January 2022 01:43 AM

නාමල් කුමාර අංක දෙක වෙයිද. පාස්කු අංක දෙක වෙයිද.

:       0       2

sumith Saturday, 15 January 2022 04:43 AM

සාමාන්‍ය ජනතාවට වැටහෙන දේත්, පොලිසියට නොවැටහෙන්නේ ඇයි? කාවද බේරගන්න උත්සාහ කරන්නේ සර්..?

:       0       1

Bunny Preena Saturday, 15 January 2022 09:15 AM

පොලිස්පතිතුමනි, බෝම්බය කුමන්ත්‍රණයකින් හෝ නැතිව වෙන විදිහකින් දැම්මත් අවසාන ප්‍රතිඵලය ජීවිත හානි, මහා විනාශයන් සිදුවීමයි. කාදිනල්තුමා සැකකරුවන් පිළිබඳව දීපු හෝඩුවාවන් ගැනත් හොයලා බැලුවොත් හොඳයි.., නිකන් බොරුවට අඳුරෙ අතපත ගාන්නේ නැතිව.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 648 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 315 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site