IMG-LOGO

බ්‍රිතාන්‍ය රජයට විශේෂ සංදේශයක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට්ගේ වාර්තාවට අදාළව එළඹෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ගැනීමට නියමිත ස්ථාවරය පිළිබඳව නැවත සිතා බලන ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය රජයට විශේෂ සංදේශයක් භාරදීම මහජන යුතුකම් කේන්ද්‍රය මගින් අද (25) සිදුකෙරිණ.

මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති  ජම්බුරවෙල චන්ද්‍රරතන හිමියන් විසින් මෙම සංදේශය කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දුන් අතර මේ අවස්ථාවට එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාරවලින් මරාදැමුණු රණවිරුවන් කිහිපදෙනෙකුගේ බිරින්දෑවරු ඇතුළු ඔවුන්ගේ පවුල්වල ඥාතීහු පිරිසක් ද සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ ජම්බුරවෙල චන්ද්‍රරතන හිමියන් පවසා සිටියේ, දරුස්මන් වාර්තාවේ අන්තර්ගතය එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවේ සහ අධිකරණයේ දී නෙස්බි සාමිවරයා විසින් අභියෝගයට ලක් කරන ලද අතර අවසානයේ එය වැරදි සහ පදනම් වාර්තාවක් බවට පත් වූ බැවින් ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් චෝදනා ගොනු කිරීමට ගත් උත්සාහය තරයේ හෙළා දකින බවය.



අදහස් (2)

බ්‍රිතාන්‍ය රජයට විශේෂ සංදේශයක්

Perera Thursday, 25 February 2021 05:59 PM

ලක් ජනතාව ගොනාට ඇන්දුවට ඒ ක්‍රමවේදය ජාත්‍යන්තරයත් එක්ක හරියන්නේ නැහැ.

:       0       0

සෙනෙවිරත්න Thursday, 25 February 2021 11:51 PM

එතකොට රාජපක්ෂවරු තම බලය උදෙසා කළ 20 වැනි සංශෝධනයටත් එකඟද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 49 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 612 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site