IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයට අයර්ලන්තයේ සහය

 ඩබ්ලින්හිදීය (රොයිටර්)


බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සඳහා පසුගිය සතියේ ඇති කරගන්නා ලද ගිවිසුමට සහයෝගය පළ කරන බව අයර්ලන්තය ප්‍රකාශ කරයි.
 
අයර්ලන්ත පාර්ලිමේන්තුව ඊට පූර්ණ සහයෝගය පළ කර තිබෙන අතර කෙටුම්පත් කර තිබෙන එම ගිවිසුමට එරට පක්ෂ සියල්ලේම සහයෝගය හිමිවන බව ද එරට ආණ්ඩුව සඳහන් කරයි.
ගිවිසුමෙන් අයර්ලන්තයේ සියලුම ප්‍රධාන ප්‍රමුඛතා අත්පත් කරගැනීමට හැකියාව ලැබෙන බව ආණ්ඩුව පෙන්වා දෙයි.
 
යුරෝපා පාර්ලිමේන්තුවේදී මේ සඳහා අවශ්‍ය වන්නේ අනුමත කිරීමක් පමණක් වන අතර නෛතිකව ඡන්දයක් අවශ්‍ය වන්නේ නැත. සියලු පක්ෂ තමන්ගේ මතයට එකඟ යැයි අයර්ලන්ත අග්‍රාමාත්‍ය ලියෝ වරද්කාර් පැවැසීය. 
 
බි්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට විරුද්ධ වී ඇත්තේ මන්ත්‍රීවරුන් 10කටත් අඩු සංඛ්‍යාවකි.
 
මේ අතර බ්‍රින්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට අදාළ යෝජනාව මේ ඉරිදා යුරෝපා සංගමයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය එම සංගමයේ නායකයන් එය අනුමත කිරීමට ද නියමිතය.
 
 ඊට අමතරව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අනාගතයේදී වෙළෙඳාම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව දේශපාලන ප්‍රකාශනයක් අනුමත කරගැනීමට ද නියමිතය.



අදහස් (0)

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමට ගත් තීරණයට අයර්ලන්තයේ සහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site