( තිළිණි ද සිල්වා )
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට බි‍්‍රතාන්‍ය මහේස්ත‍්‍රාත් අධිකරණයක් නිකුත් කළ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
බි‍්‍රගේඩියර් ප‍්‍රියංක ප‍්‍රනාන්දු මහතාට රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය හිමි බැවින් බි‍්‍රතාන්‍ය නීතිය යටතේ ඔහුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවත් විදේශ අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා එහිදී මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස්වරයාට පෙන්වා දී ඇත.
එබැවින් මේ පිළිබඳව කරුණු සමාලෝචනය කොට බි‍්‍රතාන්‍ය අධිකරණයට කරුණු ඉදිරිපත් කරන්නැයිද විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා මෙරට බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාව කටයුතු කරමින් සිටියදී එරට ‘1986 අංක දරණ මහජන සාමය පිළිබඳ පනත’ උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් ‘මහජන ලැදියාවන් පිළිබඳ නීති මධ්‍යස්ථානය (පබ්ලික් ඉන්ටරෙස්ට් ලෝ සෙන්ටර්) පැමිණිල්ලක් සිදු කර තිබිණි.
එම පැමිණිල්ල සළකා බලා ඇති ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත‍්‍රාත් අධිකරණය බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් වරෙන්නතුවක් නිකුත් කර ඇත.
ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල පහත දැමීමට පියවර ගත් බව පැවසීය.
මහවැලි එච් කලාපයට අයත් තඹුත්තේගම නල්ලච්චිය වැවේ සොරෝව ලඟ වැව්බැම්මේ ගිලා බැසීමක් හේතුවෙන් වැවට සිදුවන අවදානම් වළක්වා ගැනීමට මහවැලි අධිකාරි හා ගොවි ස
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (22) දිනයේ ද පැහැදිළි වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 231.64 කින් ඉහළ ගොස් දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 16,8
වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350 ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීර
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවයි
tarzan Friday, 25 January 2019 08:36 AM
මේක මෙහෙම නොවෙයි වෙන්න ඕනේ.. බ්‍රිටිෂ් හයි කමිෂන් එක ගාවට ගිහිල්ලා බෝර්ඩ් උස්සගෙන, වීරවංශ සහෝදරයව දාලා බය කරන්න තියෙන්නේ..
VipulaSaturday, 26 January 2019 10:02 AM
සහෝදරයා, සිංහයෝ බලු වෙන කාලයක්නේ මේක.. ඔයාලා අර බුදුපිළිම කඩන අන්තවාදීන් ගැන නම් මුකුත් කියන්නේ නැහැ නේද?
smith Friday, 25 January 2019 08:46 AM
ටොක්කක් ඇනලා යවන්න ඕනෑ...
Nimal Friday, 25 January 2019 08:47 AM
ගුරුවරු දණ ගස්වන රට. සේවකයන් ගස් බඳින රට. හමුදා නිලයන් කුමක් කරන රටද?
පිටිගල මිලානෝ Friday, 25 January 2019 08:50 AM
මෙම ක්‍රියාව මොහු කලේ යම් දේශපාලකයකුගේ අදහස මත රටේ ව්‍යාකුල තත්වයක් ඇති කරන්නද? හොරපාරේ ගොස් බලය අල්ලන්න දඟලන දේශපාලකයින් කවුද කියලා කවුරුත් දන්නවනේ. පව් මේ රණවිරුවා...!!!
Mahesh UkFriday, 25 January 2019 10:39 AM
ඔක්කොටම ඉස්සෙල්ලා තමුන්ගේ මානසික වෛද්‍ය වාර්තාවක් අරගෙන බලන්න. අනිවාර්යයෙන්ම දොස්තර කියයි එසේ තියෙනවා කියලා. බැරිනම් කියන්න අංගොඩ හොඳ බෙහෙත් තියනවා.
කසුන් Friday, 25 January 2019 12:47 PM
පිටිගල.. කිව්වොත් කියන්නේ මේ මගේ මැටිමෝල් කතාවක්ම තමයි !!
Dayal Friday, 25 January 2019 08:53 AM
මෙය දෙමළ ඩයස්පෝරා එකේ වැඩක්..
මම නොවන මම Friday, 25 January 2019 09:13 AM
කවුරුවත් නීතියට යටයි. කරුණාකර වරදට දඬුවම්දී ආදර්ශයක් වන්න. එසේ නොමැතිනම් එය ලංකාවේ නමට කැලලක් වනු ඇත. අප අපරාධකරුවන්ට රැකවල් නොයෙදිය යුතුයි...
Hafeel Friday, 25 January 2019 09:52 AM
මෙතන එතුමා මොකක්ද කරපු වැරැද්ද? යුද්ධයට මුහුණ දුන් රණවිරුවෙක් හැටියට ඉබේම කේන්ති එන්න පුළුවන්. එ්ක සාධාරණයි. එතුමාත් මනුස්සයෙක්. මීට වඩා බරපතල ප්‍රකාශවල් මෙහෙ විජයකළා, විග්නේශ්වරන්, දෙමළ සන්ධානයේ මන්ත්‍රීලා කරනවා. එදා උතුරු පළාත් අධ්‍යාපනය ඇමති රජයේ පාසල් උත්සවයේදී රටේ ජාතික කොඩිය ඔසවන්න ප්‍රතික්ෂේප කළා. මේවත් එක්ක බලනකොට අරක මොන සිද්ධියක්ද?
මම නොවන මම Friday, 25 January 2019 05:20 PM
බෙල්ල කපනවා කියලා තර්ජනයක් කිරීම අපරාධයක් තමයි. අනික ලංකාවම නියෝජනය කරමින් මෙයා මෙතෙන්ට ගිහින් ඉන්නේ... ලංකාවේ නම කැතවුණා ජාත්‍යන්තරය ඉදිරියේ...
BamunuarachchiFriday, 25 January 2019 11:52 PM
බෙල්ල කපුවා කීම බොහොම සුළු දෙයක්. සිංහල ජාතියට ආගමට විරුද්දව කතා කොරන සෑම දෙනාටම ඒ සංඥාව දිය යුතුයි.
Hafeel Saturday, 26 January 2019 05:05 AM
ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ කැතවුණානං, එහෙම වුනේ අපේ විදේශ අමාත්‍යංශයේ සහ රාජතාන්ත්‍රිකයේ දුර්වලකම නිසා. ලක්ෂ්මන් කදිරගාමර් මහතා හැර බලයට පත්වූ සියලු විදේශ අමාත්‍යවරු කළේ ජාත්‍යන්තරය ඉදිරියේ සත්‍ය කරුණු කියන්න අසමත් වීමයි. කොටින්ම කියනවා නං කදිරගාමර් හැර අනිත් සියලු විදේශ අමාත්‍යවරු අසාර්ථකයි.
INDIKAFriday, 25 January 2019 09:59 AM
මෙතන මොකක්ද කරලා තියෙන යුද අපරාදේ? මෝඩයෙක් වගේ කමෙන්ට් දාන්න එපා.
senarathSaturday, 26 January 2019 04:49 AM
මම නොවන මම... නොදන්නා ඉංග්‍රීසි කථාකරන්න ගිහිල්ලා ග්‍රාමසේවක කෙනෙකුත් අපිව හෑල්ලූ කළා.
SilvaSaturday, 26 January 2019 01:13 PM
"මම නොවන මම" කියන එක්කෙනාට පොඩි වැරදීමක් වෙලා නම දාද්දි. "මම සමනලයෙක් වෙමි" කියල තමා මෙයා කියන්න උත්සාහ කරල තියෙන්නෙ නේද? "මම සමනලයෙක් වෙමි" හෙවත් "මම නොවන මම".
nuwan Friday, 25 January 2019 09:21 AM
ඔලුවෙන් වැඩ කල යුතු වෙලාවක්....
lanka Friday, 25 January 2019 09:39 AM
සත පහකට ගණන් ගත යුතු දෙයක් නොවේ.
ජයන්ත මිලානෝ Friday, 25 January 2019 09:49 AM
නියම සිංහල මිනිසුන් නිවට වෙන්නෙ නැහැ. තමන්ගේ රටේ අභිමානයත් සමග කෙලින් සිටින ජාතියක්. එදා බ්‍රිතාන්‍යයේ තානාපති කාර්‍යාලය ඉදිරිපිට දුෂ්ට ජාතිවාදීන් ඉදිරියේ කොන්ද කෙලින් තියන් ඔවුන්ගේ කැත වාග්ප්‍රහාරවලට නොබියව මුහුණදුන් නිර්භීත නිලධාරියෙක් ඔහු... ඔවුන්ගේ නීතියට යටත් වෙන්න. ඔවුන් හිතාගෙන ඇති ඔවුන්ගේ නිවට පාලකයෝයි මේ ඉන්නේ කියලා...
ලුම්බිණි Friday, 25 January 2019 11:36 AM
වැඩකට නැති සහ තේරුමක් නැති දෙයක් කරන්න ගිහින්නේ මේ ඔක්කොම කරදර...
JayaFriday, 25 January 2019 02:30 PM
ඔයා ලුම්බිණි සල් උයනේ එක්කෙනෙක්ද?
BamunuarachchiFriday, 25 January 2019 05:21 PM
නැහැ මරියකඩේ පැත්තේ...
Nuwan Friday, 25 January 2019 04:48 PM
දැන් අර නවසීලන්තේ රගර් ගහනකොට කරන නැටුමටත් නඩු දන්නා වෙනවා.. හකා නැටුමේ.. ඒකෙත් මේවගේනේ..
Lal Friday, 25 January 2019 06:39 PM
මීට කලින් ඔයිට වඩා දරුණු විදියට විරෝධතා තිබුණා. ඒ වෙලාවේ මහකොමසාරිස් කාර්යාලයේ සේවය කරපු හමුදා නිලධාරීන් නිලඇඳුම පිටින් එළියටවත් ආවේ නෑ. ඒකෙන් පෙන්නන්නේ ඒ හිටපු අයගේ රාජ්‍ය තාන්ත්‍රික භාවයයි...
senarath Saturday, 26 January 2019 04:56 AM
එතකොට හමුදා නිලධාරියා වැරදී . ලංකාවේ ජාතික කොඩිය පාගපු දුන්කොළ වවන්න ලංකාවට ගෙනාපු කල්ලතෝනි හරිද. ඒ අයට විරුද්දව රජය මොනවද ගත්තු පියවර. උතුරේ පන්සල් ඩොසර් කරන එක මම නොවන මම දැකකේ නැත්ද.
Adam Saturday, 26 January 2019 10:51 AM
නියම වීරයෙක් අපේ රට සහ අපි කාගෙවත් වහල්ලු නොවන්නෙමු... එංගලන්තෙට තමුන්ගේ වැඩක් බලාගන්න කියන්න තරම් පිරිමියෙක් අපේ විදේශ අමාත්‍යාංශයවත්, පාර්ලිමේන්තුවත් අම්මපා නැහැනේ...
kamil Saturday, 26 January 2019 03:40 PM
එදා කරපු තර්ජන රංගනය මුළු ලෝකෙම දැක්කා. තවමත් වෙබ් වල තියෙනවා. එමනිසා 30 වසරක යුද්ධයකින් නිදහස් කරගත් අපේ මව්බිම අමුඅමුවේ මුළු ලෝකයා ඉදිරියේ ශ්‍රී ලාංකිකයෝ මිලේජ්ඡ මහා දරුණු මිනීමරු ජාතියක් ලෙස පාවාදුන්නා. මෙහුාව වහා හමුදා අධිකරණයෙන් සුදුසු පියවරක් ගතයුතුයි. රටේත් සියලු හමුදාවන්ගේ කීර්තිය වෙනුවෙන්..
BamunuarachchiSunday, 27 January 2019 09:30 AM
මොහු වැනි ජාතික වීරයින් දහස්ගණනින් රටට අවශ්‍යයි. මෙතුමා ඇඟිල්ලෙන් දීපු සංඥාව ප්‍රායෝගික වෙන කාලය බලමින් මම ඉන්නේ...
jagath Saturday, 26 January 2019 03:46 PM
මේකට හොදම පිළිතුර නම් දැනට අවුරුදු 12 කට කලින් වගේ විදේශ සේවාවන් වලට පොලිස් ඉහල නිලධාරින් පත් කල යුතුයි... පෙර සේ එවිට සියලු ප්‍රශ්න කම්මුතුයි. එවැන්නක් කරන්න මේ කාරනාව ඉතා හොද පදනමක් යැයි මම තරයේ සිතමි
BamunuarachchiMonday, 04 February 2019 11:33 AM
විදේශ සේවාවට වෙනත් අය පත්කළ යුතු නැහැ..... ඒ සඳහා වෙනම පුහුණු පුද්ගලයින් සිටින කාර්යංශ තිබෙනවා එතන ඉන්න අය පත්කරනවා මිස තැනින් තනින් අල්ලාගත් හෙන්චයියන් පත් කිරීමෙන් රට අනාතවෙනවා. අවුරුදු15 පමණ පෙර ලංකාවේ ළමයි සඳහා කටාර්වල පාසලක් පටන්ගෙන එය ඉතා ඉහළ මට්ටමකට ගෙනා පුද්ගලයා පන්නා දමා ලංකා තානාපති කියන ගොයියා පාසල් අරමුදලේ තිබෙන මුදල් වලට කෑදර කමට එම පාසලේ භාර කාරිත්වය පවරා ගත බව දන්නවාද?
iron Sunday, 27 January 2019 01:55 PM
ජගත් ඔයාගේ කතාවට මම එකඟයි.. මෙයා මේ කලේ පනින රිලවුන්ට ඉනිමන් තිබ්බා වගේ.. මේකේ පිටිපස්සේ රණවිරුවෝ කියාගත් රණවිරුවෝ විකුණන් දේශපාලන බිස්නස් කරන අයගේදෝ සැකයි..
kamal Sunday, 27 January 2019 02:06 PM
මේ ක්‍රියාව මම දකින්නේ කීර්තිමත් ශ්‍රී ලංකාවත්, කීර්තිමත් රණවිරුවන්වත් අමුඅමුවේ පාවාදීමක්... කඩිනමින් සුදුසු පියවරකට යායුතුයි...