(ඩයනා උදයංගනී)
මෙරට ප්‍රවීණ හා ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියකු වූ බර්ටි ගුණතිලක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අද (7) පස්වරුවේ සිදුකෙරිණි.
බොරැල්ලේ මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය ආගමික වතාවත්වලින් අනතුරුව බොරැල්ල කනත්ත වෙත රැගෙන ආවේ කලාකරුවන් හා පවුලේ ඥාතීන් විසිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන් එවා තිබූ ශෝක පණිවුඩ ද අවමංගල සභාවේ දී ඉදිරිපත් කෙරිණි.
මෙරට ප්‍රහසන කලාවේ පුරෝගාමියකු වන බර්ටි ගුණතිලක මහතා දැයෙන් සමුගෙන ගියේ කලාකරුවන්, ඥාතීන් සහ රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මධ්‍යයේය.
ඡායාරූපය: ළහිරු හර්ෂණ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බර්ටි ගුණතිලක දැයෙන් සමුගනී