(නිමල කොඩිතුවක්කු)
රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප‍්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරයි.
බුර්කාව සම්බන්ධයෙන් කිසිදු නීතියක් පනවා නොමැති බවත් එය පැළඳ සිටීම හෝ නොසීටීම එම කාන්තාවන්ගේ රැචිකත්වය මතසිදුකරන බවත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමයේ තරුණ කටයුතු ලේකම් අර්කම් නුරාමිත් මවුලවිතුමා පැවැසීය.
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය මිලිගාවත්තේ පිහිටි එහි මූලස්ථානයේ අද (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අර්කම් නුරාමිත් මවුලවිතුමා මෙසේද කීය.
‘‘බුර්කාව පිළිබඳ අපේ ප‍්‍රකාශය තමයි මේක සංස්කෘතියක්. ඒ වගේම සෑම දෙනාගේම පෞද්ගළික අයිතිවාසිකමක්.
අපි මෙතන සංවිධානයක් විදියට ආගමික නායකයන් විදියට ප‍්‍රචාරය කරලා නෙමෙයි ඒ අය බුර්කාව දාන්නේ. එහෙම දානවනම් සමස්ථ මුස්ලිම් කාන්තාවන් එය පලදින්න ඕන. අපි කියලා නෙමෙයි මේ කලු පාටින් මුහුණ ආවරණය කරන්නේ. ඒක ඒ අයගේ කැමැත්ත මත මොකක්ද හොඳ කියලා හිතලා දාගෙන යනවා.
නමුත් මේ අවස්ථාවේදී මේ මුහුණු වහගෙන යන අය පිටුපස්සේ කවුද යන්නේ කියලා මහජනතාව බියට පත්වෙලා තියෙනවා. සැකෙන් ඉන්නවා. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව සඳහාත් අපේ රටේ ඉන්න ආරක්ෂක අංශ වලට සහයෝගය දීම සඳහාත් මේ කාලයේ පොදු ස්ථාන වලට යනවනම් මුහුණ ආවරණය කරන්න එපා කියලා. ඒ මුහුණ ආවරණය කරගෙන යන කාන්තාවන්ගෙන් අපි ඉල්ලීමක් කරලා තියෙනවා.
ඒ වගේම තමන්ගේ හැඳුනුම්පත අරගෙන යන ලෙසත්, අවශ්‍ය අවස්ථාවලදී ආරක්ෂක අංශයට සහයෝගය ලබා දෙන ලෙසත් අපි කාන්තාවන්ගෙන් කාරුණික ඉල්ලිමක් කරනවා‘‘ යැයිද ඔහු එහිදී පැවැසීය.
COMMENTS
බුර්කාව ඔබගේ... ත්‍රස්තවාදයට තියන මිතුරෙක්.
හැඳුනුම්පත අතේ තියාගෙන යනවා වගේම බෝම්බ නොගෙන යාමටත් වග බලාගන්න.
1990ට කලින් ඔය කියන බුර්කා නොඇඳ බොහොම සාමාන්‍ය විදියට මුස්ලිම් කාන්තාවන් හිටියා.. මොකද මේ එකපාර එයාලට කැමැත්තක් ඇතිවෙලා තියෙන්නේ? කරුණාකර අප සංස්කෘතියට ගැලපෙන ලෙස ඔය කළු ඇඳුම් වෙනස් කරගන්න. ඕකට ඔච්චර ඉල්ලන්න ඕනෑ නැහැ.
රටේ මිනිස්සු රජයට බුර්කාව තහනම් කරන්න පීඩනයක් කරන වෙලාවේ ඕක තහනම් කරන්න කලින් අන්‍යාගමික මිනිස්සුන්ගේ බය පීඩනය යනකන් ඕක අඳින්න එපා කියනවා කට්ටිය දැන්... කොහොමද ටිකිරි මොලේ? මිනිස්සුන්ට අමතක වෙලා යනකන් පොඩ්ඩක් ඉඳලා අායෙත් දා ගත්තම වැඩේ හරි...
මේ නිවට ආණ්ඩුව මේක තහනම් කළොත් තමයි පුදුමේ... මොවුන් රට විනාශ කරලා තමයි පස්ස බලන්නේ..
මේ කාලේ නෙවෙයි ඕක අවශ්‍යම නෑ. ලෝකය හඳටත් එහා ගිහින්. ගල්යුගයේ ගෝත්‍රික අදහස් අතහැර මනස දියුණු කරගත යුතුයි.
කවුරු කිව්වත් නැතත්, ඕක ස්ථිරවම තහනම් කරන්න ඕනේ..
හොඳදෙයක්... හැබැයි තව ගොඩාක් දේවල් කරන්න තියෙනවා. මුස්ලිම් නායකයන්ද සහ එම සමාජයට... මොකද දැනටමත් ඔවුන් ගැන තිබුණු විශ්වාසය අන්තිමටම නැතිවෙලා. ප්‍රධාන වශයෙන්, ආගමික ප්‍රචණ්ඩවාදී අදහස් සහ මූලධර්මවාදී අදහස් කියන සියලු මුස්ලිම් නායකයන්, දේශකයන් සහ දේශපාලකයන් මුස්ලිම් සමාජය විසින්ම කොන් කරන්න ඕනේ.. පිළිගැනීමකට ලක් නොකළ යුතුයි.
මේ කාලයේ විතරක් නෙවෙයි හැමදාටම ආයේ ඔය ගොනි බිල්ලා ඇඳුම ප්‍රසිද්ධ ස්ථානවල ඇඳ සිටීම වහාම තහනම් කළයුතුයි.
ඔය ජරාව නීතියෙන් තහනම් කරන්න පාලකයින් බය උන්ට තියෙන මුස්ලිම් ඡන්ද 'කුට්ටිය' නැතිවෙයි කියන බයටද...? ලැජ්ජයි. මිනිස් ජීවිතවලට වැඩිය ඡන්දය අගේ කොට සලකන මේ නරුමයින්ටද ඔබ ඡන්දය දුන්නේ මහත්වරුනේ මහත්මියනේ..? දැන්වත් හිතන්න කාලය ඇවිත්...
සමස්ත රටේ ජනතාවගේම අයිතියක් තියෙනවා මුණ ඉස්සරහට එන්නේ කවුද කියල අඳුනගන්න . එයාලගේ පෞද්ගලිකත්වය ගෙදර තියාගන්න ,මුහුණ අරගෙන පාරේ යන්න
මේ ඇඳුම අඳින්නේ නැතුව ඉන්න කිව්වම ඉතාමත්ම ප්‍රීතියෙන් ඉන්නේ මුස්ලිම් කාන්තාවන්