IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බයිසිකලයෙන් ආ අය ඉවත් කරන්න විනිසුරු එකඟ වෙයි

(මනෝප්‍රිය ගුණසේකර)

මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ ලකුණින් තරඟ කර ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ මන්ත්‍රීවරු පිරිසක් ඉදිපත් කළ පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) පිළිගත්තේය.

මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ලකුණින් තරඟ කොට ජයග්‍රහනය කළ සමහර මන්ත්‍රීවරුන් එම ඡන්ද බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට තිබූ මෙම පෙත්සම සම්බන්ධයෙන් පැවැත්වූ දීර්ඝ විභාගයෙන් අනතුරුව පෙත්සම පිළිගන්නා බව විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කළේය.

මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ ජයමිණි පුෂ්පකුමාර මහතා ඇතුළු 21 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහරගම නගර සභාවට ‘බයිසිකලය‘ලකුණින් තරඟ කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස ඇතුළු 25 දෙනෙකු නම් කොට ඇත.

2018 පෙබරවාරී 10 වැනිදා පැවැත්වු පළාත් පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව සඳහා ‘බයිසිකලය‘ලකුණින් තරඟ කළ වගඋත්තරකරුවන් ඇතුළු පිරිසක් ජයග්‍රහණය කළ බවත් තමන් එම මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත් වූ බවත් පෙත්සම්කරුවෝ සිය පෙත්සමේ සඳහන් කොට තිබිණි.

පළාත් පාලන මැතිවරණ පනත අනුව මැතිවරණයට ඉදිරිපත්විය යුත්තේ අදාළ ඡන්ද බල ප්‍රදේශය තුළ හෝ මැතිවරණ දිස්ත්‍රික්කය තුළ අදාළ මැතිවරණ සමයේදී මෙන්ම ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන සමයේදී ස්ථිර පදිංචි වී සිටින අය බව සඳහන් වී ඇතැයි පෙන්වා දුන් පෙත්සම්කරුවෝ වගඋත්තරකරුවන් අතුරින් බොහෝ පිරිසක් පළාත් පාලන මැතිවරණ පනතේ අදාළ වගන්තිය උල්ලංඝනය කොට ඇතැයිද ඔවුන්ගෙන් ඇතැමෙකු පිට පළාත් වල පදිංචිකරුවන් බවද සඳහන් කොට තිබිණි.

එම තත්වය අනුව මෙම පෙත්සම විභාග කොට මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තරඟ කොට ජයග්‍රහනය කළ මන්ත්‍රීවරුන් පිරිස එම නගර සභා මන්ත්‍රී ධූර වලින් ඉවත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් පැවැති දීර්ඝ විභාගයකින් අනතුරුව සිය නියෝගය ප්‍රකාශය පත්කරමින් පෙත්සම පිළිගන්නා බව  විනිසුරුවරයා සඳහන් කළේය.

 



අදහස් (5)

බයිසිකලයෙන් ආ අය ඉවත් කරන්න විනිසුරු එකඟ වෙයි

sharm warn Wednesday, 21 August 2019 12:55 PM

එතකොට ඒ අයට ගෙවපු වැටුප්, වරප්‍රසාද, දීමනා.. එව්වත් නීති විරෝධී වෙන්නේ නැද්ද?

:       0       65

vidya Wednesday, 21 August 2019 08:13 PM

එතකොට අර දෑ කැත්තයි මිටියයි දැන් ඒවගෙන් වැඩක් නැනේ . ගොයම් කපන්නේ භූතයගෙන් ඇණ ගහන්නේ මැෂින් වලින් ඒවත් අයින් කලොත් හොඳයි නේද ?

:       0       3

මුණසිංහ Thursday, 22 August 2019 01:44 AM

එතකොට ඡන්ද දායකයිනුත් පිටතින්ද ආවේ? ඒ අය ඡන්දය දුන් නිසානේ ඔය කට්ටිය පත්වුනේ... ජයග්‍රහණය කළ පිරිස පත්වුනේ ප්‍රදේශවාසින්ගේ ඡන්දෙන්..! මේක මහ අපබ්‍රංශ සිදුවීමක්...!

:       10       98

Ratne Thursday, 22 August 2019 05:11 AM

මෙමඟින් අදාල බල ප්‍රදේශයේ ඡන්දය ලබාදුන් ජනතාවට ඔවුන් ලබාදුන් ඡන්දයේ වටිනාකම අවලංගු වීමෙන් බලවත් අසාධාරණයක් සිදුව ඇත. ඇතැම් නාමයෝජනාපත්‍ර අවලංගු වීම සඳහා උපක්‍රමශීලීව ක්‍රියා කිරීමක් වියහැකි බවට සැක අවස්ථාද දැකගත හැකිය. දැනට පවතින නාමයෝජනා බාර ගැනීමේ ක්‍රමයේ විශාල අඩුවක්, වැරැද්දක් පවතී. යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් නාමයෝජනා ඉදිරිපත් කළ විට එහි අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කිරීමට අවස්ථාවක් නොදීම එය අවලංගු කිරීමයි. විශාල ජාතික ධනයක් වැයකරමින් පවත්වන මැතිවරණවලදී තවත් සුළු පිරිවැයක් හා දින 2-3 ක් වැය කර, නාමයෝජනා පත්‍ර වල ඇති අඩුපාඩු සොයා බලා නිවැරදි කිරීමට අවස්ථාවක් ලබාදීමට මැතිවරණ කොමිසම හෝ අදාල බලධාරීන්ගේ සැලකිල්ල යොමුවිය යුතුය. එහිදීද හිතාමතා අසත්‍ය තොරතුරු සපයා ඇත්නම් එම පුද්ගලයා, කණ්ඩායමට එරෙහිව පියවර ගන්නේ නම් ජනතාවගේ ඡන්ද අයිතියට වඩාත් සාධාරණයක් ඉටුවේ. එසේ නොමැතිව, තමා මනාපය ලබා දෙන්නා නිවැරදි තොරතුරු නාමයෝජනා සඳහා ලබා දුන්නේද යන්න සොයාබැලිය නොහැකි අතරම අයැදුම්පතෙහි පවතින යම් අඩුපාඩුවක් හේතුවෙන් නිවැරදි කිරීමට අවස්ථාවක් නොදීම අපේක්‍ෂකත්වය අවලංගු කිරීමද යෝග්‍ය නොවේ.

:       4       29

nimaza Thursday, 22 August 2019 07:10 AM

මෙම තීන්දුව මහජන ඡන්දයේ පරමාධිපත්‍යයට එදිරිව දුන් තීන්දුවක් කියලයි අපට හිතෙන්නේ. ඡන්දෙට පෙර නාමයොජනාවලට විරුද්ධ විය යුතුයි. මහජන ඡන්දයෙන් ලබාගත නොහැකි බලය අධිකරණයෙන් ලබා ගන්නා තවත් කපටි සිදුවීමකි මේ... ඇත්තටම මේක මහ අපබ්‍රංශ සිදුවීමක්...! අමු අමුවෙම ජනතා මතය නොසලකා හැරීමක්.

:       28       11

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13329 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 63 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site