
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ පිටරත්මලේ තේවත්ත ආශ්‍රීතව පුහුණු අභ්‍යාසයක යෙදී සිටි ගුවන් හමුදා ආධුනික සෙබළුන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබූ 6 දෙනෙකු අද (25) රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය කියයි.
තේ වත්තේ ගස්වල බැඳ තිබූ බඹර වද කීපයක් ඇවිස්සීමෙන් ඒ අසළ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබළුන් පිරිසකට මෙසේ බඹරු දෂ්ට කර තිබේ.
තුවාල ලැබූ හමුදා සෙබළුන් සිව් දෙනෙකු දියතලාව හමුදා රෝහලට ද දෙදෙනෙකු දියතලාව මූලික රෝහලට ද ඇතුළත් කර ඇති බව හමුදාව කියයි.
තුවාල ලැබූ සෙබලූන් කිසිවකුටත් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින්තූරය මලට බඹරෙකු සේ වගෙයි... !!!
බඹරුනුත් ගුවන් ප්‍රහාරයක් එල්ල කරලා වගේ...