(සමන් පාලිත නානායක්කාර) 

හපුතලේ  පිටරත්මලේ තේවත්ත ආශ්‍රීතව පුහුණු අභ්‍යාසයක යෙදී සිටි ගුවන් හමුදා ආධුනික සෙබළුන් පිරිසකට බඹර ඇනීමෙන් තුවාල ලැබූ 6 දෙනෙකු අද (25) රෝහල්  ගත කළ බව හපුතලේ පොලීසිය කියයි.

තේ වත්තේ ගස්වල බැඳ තිබූ බඹර වද කීපයක් ඇවිස්සීමෙන් ඒ අසළ පුහුණුව ලබමින් සිටි ආධුනික සෙබළුන් පිරිසකට මෙසේ බඹරු දෂ්ට කර තිබේ.

තුවාල ලැබූ හමුදා සෙබළුන් සිව් දෙනෙකු දියතලාව හමුදා රෝහලට ද දෙදෙනෙකු දියතලාව මූලික රෝහලට ද  ඇතුළත් කර ඇති බව හමුදාව කියයි.

තුවාල ලැබූ සෙබලූන් කිසිවකුටත් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.