( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව ඕමන්ත, නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදී බඹරුන් ඇනීමෙන් අවුරුදු 3 ක් වයසැති දැරියක් මිය ගොස් තවත් තිදෙනෙකු බරපතල තත්වයෙන් රෝහල්ගත කර ඇති බවට ඕමන්ත පොලීසිය පවසයි.
නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේ එකම පවුලක විසූ මව, දියණිය හා දියණියගේ දරුවන් දෙදෙනා සමග වගා බිමක් වෙතට ගොස් වගා බිම එලිපෙහෙළි කිරීමේදී ගසක් කැපීමට ගත් උත්සහයකදී අසළ තිබූ බඹර ගෝඨයක් ඇවිස්සී සිව් දෙනාටම බඹරුන් විසින් දෂ්ඨ කොට ඇති බවට අනාවරනය වී ඇත.
අනතුරුව බඹරුන් දෂ්ඨ කළ පිරිස් ප්‍රදේශවාසීන් විසින් බෙරාගෙන වහාම වව්නියාව මහරෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්වයේ සිටි තුන් හැවිරිදි දැරිය මිය ගොස් ඇති බවට පොලීසිය පැවසීය.
මේ අතර බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි මව, 36 හැවිරිදි දියණිය හා දියණියගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු මිය ගිය අතර මාස තුනක් වයසැති දැරියද බරපතල තත්වයෙන් වව්නියාව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
බඹරුන් දෂ්ඨ කිරීමෙන් මිය ගොස් ඇත්තේ තුන් හැවිරිදි අරුල්රාජා කවීෂා නැමති දැරියක් වන අතර පශ්චාත් මරණ පරික්ෂණය වෙනුවෙන් දැරියගේ සිරුර වව්නියාව මහරෝහලේ තැන්පත් කොට ඇති බවටද පරික්ෂණ සිදුකරන ඕමන්ත පොලීසිය වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බඹරු ඇනීමෙන් දැරියක් මරුට තිදෙනකු රෝහලේ