IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බෝම්බ හදන්න ගිහින් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා මියයයි

 

 

(රොමේෂ් මධුෂංඛ)

                     

කිලිනොච්චිය පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේදී බෝම්බයක් නිෂ්පාදනය කිරීමට ගත් උත්සහයක දී  එය පුපුරා යාමෙන් ඉකුත්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා අද (8)  මිය ගොස් ඇති බවට පලෙයි පොලීසිය පවසයි.

පිපිරීමෙන් තුවාල ලබා සිටි හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.

ඉයක්කච්චි ප්‍රදේශයේ බෝම්බ පිපිරීමෙන් පසුව පොලීස් නිලධාරීන් හා ත්‍රස්ත විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසි වලදී නිවසේ තිබී දේශීය නිෂ්පාදිත බෝම්බ දෙකක් හා අඩක් නිෂ්පාදනය කරන ලද බෝම්බයක් මෙන්ම කලු කොටි දිනය සමරමු යන පෝස්ටරයක් ද හමුවීමෙන් පසුව තුවාල ලැබූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳ ද අත්අඩංගුවට ගනු ලැබුවාය.

කෙසේ වෙතත් මේ වන විට බෝම්බ නිෂ්පාදනය කිරීමට හේතු කවරේද යන්න පිළිබඳව මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයාගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම් හා වැඩිදුර පරික්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.

බෝම්බය පිපිරීමෙන් මෙසේ මිය ගොස් ඇත්තේ ඉයක්කච්චි ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි තංගරාසා ගංගේ ආත්මන් නැමති අයෙක් බවට පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (4)

බෝම්බ හදන්න ගිහින් තුවාල ලැබූ හිටපු කොටි සාමාජිකයා මියයයි

amila Wednesday, 08 July 2020 06:19 AM

හොඳයි... ගොඩක් සතුටුයි මේ ගැන. කෙසේවෙතත් රෝහල් වියදම් එකතු කළ යුතුයි.

:       23       205

shanaka Wednesday, 08 July 2020 07:14 AM

රජයේ බුද්ධි අංශ නොදැනුවත් නම් ලොකු අනතුරක් ඔහුගේ අත් වැරැද්ද නිසා නැවතුනා.

:       0       44

buddhika Wednesday, 08 July 2020 07:59 AM

සතුටුදායක නිව්ස් එකක්...

:       28       195

Bandara Wednesday, 08 July 2020 11:32 AM

නියමයි...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site