ජපානයේ දී බීමතින් පැමිණ කුලී මෝටර් රථයක් සොරකම් කිරීමේ චෝදනා යටතේ ශ‍්‍රී ලාංකිකයකු එරට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පළවන ජැපෑන් ටුඩේ පුවත්පත අද (31) වාර්තා කළේය.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූයේ වයස අවුරු 43 ක් පමණ වන ලාංකිකයෙකි. ඔහු එරට දිගුකාලයක සිට රැඳී සිටින අයෙකි.
මෙම ලාංකිකයා ඉකුත් 28 වැනි දා බීමතින් පැමිණ රියදුරු නොමැතිව මඟ නවතා තිබූ කුලී මෝටර් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු පසුපස පොලිස් රථ ලූහු බදින අවස්ථාවේදී මෙම පුද්ගලයා මාර්ග නීති කඩ කරමින් එම රථය ධාවනය කර ඇත.
එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කළ අනෙකුත් රථ වාහනවලට හානි සිදු වී ඇති අතර රිය අනතුරු සිදු වීම හේතුවෙන් පුද්ගලයින්ට තුවාල ද සිදු වී ඇත.
කිලෝ මීටර් 2ක පමණ දුරක් මෙලෙස අපරික්ෂාකාරි ලෙස රිය ධාවනය කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම සිද්ධියට අදාළව සැකකාර ලාංකිකයා ඊයේ (30) දිනයේ ජපානයේ ෆුකුඔතා පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුලී මොටර් රථයක් සොරකම් කිරීම , මාර්ග නීති කඩ කිරිම ,මගීන්ට සහ රථ වහනවලට හනී සිදු කිරිම යන චොදනා ජපන් පොලීසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර මොහුට එරෙහිය එරට අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.
(125)
2025 දෙසැම්බර් මස 04
251
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
397
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීමතින් මෝටර් රියක් සොරකම් කළ ලාංකිකයා ජපානයේ දී අත්අඩංගුවට