IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


බාබකියු උඳුනෙන් සීතල තැප්ප යුවළ මිය ගිහින්

(රංජිත් රාජපක්ෂ)

කුරුණෑගල ගොකරැල්ලේ සිට නුවරඑලියයේ සංචාරකයක් සදහා පැමිණි නඩයක අඹුසැමි යුවළක් ඔවුන් නවාතැන් ගත් හෝටලයේ කාමරය තුළ  මියගොස් සිටියදි සොයාගත් බව නුවරඑලිය පොලිසිය පවසයි.

පවුලේ සමාජිකයන් සමග පැමිණි අඹුසැමි යුවළ ඇතුළු පිරිස  මධ්‍යම රාත්‍රිය තෙක් බාබකියු උදුනෙන් මස් පුළුස්සා අනුභව කිරිමෙන් අනතුරුව  පවතින අධික සිතල සමනය කර ගැනීම සඳහා බාබකියු උදුන සිය කාමරය  රැගෙන ගොස්  නින්දට ගොස් ඇත.

අවු 58 සහ 59 වයස් කාණ්ඩ වල පසුවන මිය ගිය අඹුසැමි යුවල පසු දින අවදි නොවිම නිසා පවුලේ සාමජිකයන් විසින් ඔහුන් දෙදෙනා රැදි සිටි කාමරය විවෘත කර බලන අවස්තාවේ දෙදෙනාම මියගොස් සිට ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑලිය පොලිසිය පැවසිය.

 



අදහස් (13)

බාබකියු උඳුනෙන් සීතල තැප්ප යුවළ මිය ගිහින්

යෝගා Sunday, 27 February 2022 12:51 PM

මේ වගේ දෙයක් වුණු පළවෙනි පාර මෙය නොවේ. හුඟක් මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම නම් අන්තිමයි.

:       0       91

PereraSunday, 27 February 2022 01:29 PM

ඒකනේ ලංකාව අද හිඟන තත්වෙට වැටිලා තියෙන්නේ...!

:       0       39

ගයාන්Sunday, 27 February 2022 02:09 PM

හේතුව පැහැදිලි කරන්න පුළුවන්ද?

:       0       37

MohamedSunday, 27 February 2022 02:50 PM

බාබකියු උඳුනෙන් පිටවෙන්නේ කාබන් ඩයොක්සයිඩ්... වහපු කාමරයක කාබන් ඩයොක්සයිඩ් පිරුණාම හුස්ම ගන්න බැරිව මැරෙනවා..

:       0       28

JayasingheSunday, 27 February 2022 05:11 PM

බාබකියු උඳුනට ගන්නේ ගල් අඟුරු. ගල්අඟුරු වල තියෙන්නේ කාබන් (C). ගල් අඟුරු රත් කරාම ඒ කියන්නේ කාබන් රත් වුණාම, වායුගෝලීය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව (CO2) හදනවා. කාමරේ වහලා තිබ්බාම, කාමරේ ඇතුලේ තියෙන ඔක්සිජන් ඉක්මනට අඩුවෙනවා. ඒත් ගල්අඟුරු තාම රස්නෙයි. ඔක්සිජන් අඩු පරිසරයක කාබන්, කාබන්ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් (CO) කියන විශ වායුව හදනවා ( C CO2 --> 2CO). කාබන් මොනොක්සයිඩ් හුස්ම ගත්තාම තත්පර කීපයක් ඇතුළත මැරෙනවා. ඒක තමයි කියන්නේ ඇතුලේ ගිනි දල්වලා කාමරේ දොරවල් වහන්න එපා කියලා...

:       0       25

NMSunday, 27 February 2022 06:27 PM

නුවරඑළියේ (සීත ප්‍රදේශ බදුල්ල බණ්ඩාරවෙල හැටන්) තිබෙන්නා වූ සෑම සංචාරක හෝටලයක්ම කුඩා හීටින් ෆෑන් අනිවාර්ය කළයුතුවේ. හෝටලයේ කාමර මිල විදුලිබිල සඳහා රුපියල් 100ක මුදලක් " අවශ්‍ය නම් පමණක් " ඒක කිරීමට හැකියාව තිබේ. මෙය පළමු සිදුවීම හෝ අවසාන සිදුවීම වන්නට වගබලාගත යුතුවේ. මෙම විසඳුම "කුඩා heating fan සැපයුම" යම් පුද්ගලයෙකුට ව්‍යාපාරයක් වශයෙන් වුවද කළ හැකියි.

:       1       10

NMSunday, 27 February 2022 07:00 PM

නුවරඑළියේ (සීත ප්‍රදේශ බදුල්ල, බණ්ඩාරවෙල, හැටන්) තිබෙන්නා වූ සෑම සංචාරක හෝටලයකම කුඩා fan heater අනිවාර්ය කළ යුතුවේ. හෝටලයේ කාමර මිල විදුලිබිල සඳහා රුපියල් 100ක මුදලක් "අවශ්‍ය නම් පමණක්" ඒක කිරීමට හැකියාව තිබේ. මෙය පළමු සිදුවීම හෝ අවසාන සිදුවීම වන්නට වගබලා ගත යුතුවේ...

:       1       6

Heena Sunday, 27 February 2022 01:53 PM

මොකද්ද මරණයට හේතුව...?

:       0       5

Rohana Sunday, 27 February 2022 02:50 PM

රත්වූ බාබෙකියු උඳුන කාමරයේ තබා නිදාගත්විට එයින් පිටවන විෂ වායුව දොරවල් වසා ඇතිවිට පිට නොවන නිසා ඒක ආශ්වාස මගින් මිනිස් සිරුරට ඇතුල්වී මරණය සිදුවෙනවා.

:       0       17

සංජීව Sunday, 27 February 2022 03:04 PM

ජෙනරේටරයක් වැසූ ශාලාවක තබාගෙන නින්දට ගිය කිහිපදෙනෙක් නින්දෙන්ම මියගිය පුවතක් ටික කලකට කලින් ඇසුවා. මෙවැනි උඳුන්වලට යොදා ගන්නා අඟුරු දහනය වනවිට කාමරයේ ඔක්සිජන් අවම වී කාබන්ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායුව ඇතිවන බව 6 වසර දරුවන් පවා දන්නවා. රටේ ප්‍රධාන මාධ්‍යවල ග්‍රහචාරයට වෙන් කරන කාලය සාමාන්‍ය මිනිසුන්ට මෙවැනි සරල දේවල් වලට හේතුව විද්‍යාත්මකව පැහැදිලි කර දීමට යොදා ගන්නේ නම් මෙවැනි කණගාටු දායක සිදුවීම් යලියලිත් අසන්නට නොලැබෙනු ඇත.

:       0       28

උපාසක Sunday, 27 February 2022 04:42 PM

මම දවසක් ප්‍රධාන මාර්ගයක් අසල කලුපාටවූ සාමාන්‍ය ගොඩනැගිල්ලක් ළඟ හිටියා කෙනෙක් හමුවෙන්න හිතාගෙන.. ඉතින් ටික වේලාවකින් මෙම ගොඩනැගිල්ල විවෘත කළා. ඉන්පස්සෙ අධික දුමක් පිටවුණා. ඉන් පිටවූ වාතය නිසා මට එතැන ඉන්න බැරිවුණා. බැලුවාම එතැන මස් පුළුස්සන තැනක්. මිනිසාගේ යුග අනුව බලනවිට අපි නැවතත් ගල් යුගයේ ජීවත්වන පිරිසක් වෙලාද කියලා හිතෙනවා. වැද්දොත් මස් කෑමෙන් වැළකීමට උත්සාහ ගන්නා මේ කාලයේ නාගරික මිනිස්සු මෙහෙම වුණාම අපිට පේන්නේ එම අයගේ නූගත්කමයි. ඇත්තටම වලපයයි, ගොඩපයයි තියාගෙන මස් පුච්චාකමින් මේ හදන්නේ කොතැනකට යන්නද? සබ්බේ තසන්ති දණ්ඩස්ස...!!!

:       6       10

Nuwan Sunday, 27 February 2022 07:07 PM

CO2/ CO විෂවීම මෙන් පෙනේ, සංවෘත අවකාශයන්හි දුම විමෝචනය කරන ප්‍රභවයන් කිසි විටෙක භාවිතා නොකරන්න...

:       0       10

sampath Sunday, 27 February 2022 07:32 PM

වාහනවල සයිලන්සර් පද්ධතියේ කාන්දු ඇතිවිට වායුසමනය ක්‍රියාකිරීමත් අනතුරුදායකයි. මේ ආකාරයටම කාබන් මොනොක්සයිඩ් කියන වායුව ආශ්වාස වෙන්න පුළුවන්. මෙය රුධිරයේ ඇති හිමෝග්ලොබින් එක්ක ප්‍රතික්‍රියා කරලා පෙනහළුවලට ඔක්සිජන් සැපයුම අඩුකරනවා. ඒක නිසයි මේ වගේ මරණ සිද්ද වෙන්නේ...

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1002 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1037 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 411 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site