(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුවට නොදුර ප්‍රදේශයක අයියා මලෝ බාප්පොච්චිලා දෙදෙනෙකු තම 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දියණිය අපයෝජන කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව සැකපිට අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වින්දිත දැරියගේ ආසන්නම ඥාති බාප්පලා දෙදෙනෙකි.
එක් සැකකරුවෙකු 57 වියේහි පසුවන අතර ඔහුට දරුවන් තිදෙනෙකු ඇති බවත් 54 හැවිරිදි දෙවන සැකකරුට දරුවන් දෙදෙනෙකු ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
දැරියගේ දෙමව්පියන් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
වින්දිත දැරිවිය විසින් සැකකරුවන් තමන්ට සිදුකළ අපහරණයන් පිළිබඳව දෙමව්පියන්ට දැන්වීමෙන් පසුව දෙමව්පියන් සහ දැරිවිය විසින් ආරච්චිකට්ටුව පොලීසියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
මට සිංදුවක් මතක් වුණා. පින්කෙත හෙළ රන් දෙරණේ..
69 ලක්ෂයට වැඩ කළාද කියලා බැලුවා නම් හොඳයි... ඒ අයට ඔක්සිජන් ඕනෑ නැහැනේ...
කරුණාකර මේ කාලකන්නින්ගේ පැහැදිලි ඡායාරූප සියලුම මාධ්‍යවල පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු.