IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


බැඳුම්කර හා වංචා දුෂණ කොමිසමේ වාර්තා 32 එළිදක්වන්නැයි ඉල්ලයි

අංජුල මහික වීරරත්න

 

බැඳුම්කර කොමිසමේ වාර්තාව සමඟ බරපතල වංචා දූෂණ කොමිසමෙන් නිකුත් කළ පරීක්ෂණ වාර්තා 32 වහාම එළිදක්වන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අද (28) පැවසීය.

ජනාධිපතිවරයා බරපතල වංචා දූෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකර වාර්තා සියල්ල ලාච්චුවේ දමාගෙන ඉන්නා බවද මන්ත්‍රීවරයා කීය.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ තුෂාර ඉඳුනිල් මහතා මෙසේ ද කීවේය.

“ඒකාබද්ධ කල්ලිය කතානායක පක්ෂග්‍රාහී බව දිගින් දිගටම කියනවා. මේ අය දිගින් දිගටම විපක්ෂ නායක තනතුර ඉල්ලා සිටියා. එසේ ඉල්ලා සිටියේ කතානායකවරයායි. ඔවුන් කතානායකගෙන් විපක්ෂ නායක ඉල්ලුවේ කතානායක පූර්ණ බලධාරියා නිසායි. මේ ඉන්නේත් ඒ කතානායකවරයායි.

අද කතානායකට ආණ්ඩුව තිබේ ද නැද්ද කියා තීරණය කිරීමට බලයක් නැතැයි කියන්නේ කෙසේද? කතානායකවරයාගේ ක්‍රියා සම්පූර්ණයෙන් ව්‍යවස්ථානුකූලයි.”



අදහස් (12)

බැඳුම්කර හා වංචා දුෂණ කොමිසමේ වාර්තා 32 එළිදක්වන්නැයි ඉල්ලයි

Nimal Wednesday, 28 November 2018 07:38 AM

ප්‍රමාද නොවී දෙපැත්තේම ඉන්න හොරුන්ට දඩුවම් ලැබෙනතුරු ජනතාව බලා ඉන්නවා.

:       0       85

Samantha Wednesday, 28 November 2018 08:30 AM

අගමැති හා ආණ්ඩුව පත්කරන්නේ ජනාධිපති විසින් සහ විපක්ෂනායකකම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා කියලා දන්නේ නැත්ද? ඔබතුමා කියන විදියට මේ කතානායක ඉන්න පාර්ලිමේන්තුවේම තමයි අසන 50ක් විතර තියාගෙන රනිල් මහතා අගමැති වුනෙත්, අාසන 16න් සම්බන්ධන් මහතා විපක්ෂ නායක වුනෙත්... ඕකට තමයි කියන්නේ කන්න ඕන වුණාම කබරගොයත් තලගොයා වෙනවා කියලා.

:       570       723

අනුර පැස්කුවල් Wednesday, 28 November 2018 10:06 AM

ඔබට වගේම රටේ බොහෝ දෙනෙකුට අමතක වෙන හෝ අමතක කරන කාරණය තමයි රටේ අගමැති වියයුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙන කෙනා මිසක් පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ගණනක් තියෙන පක්ෂයේ ප්‍රධානියා නොවෙන බව. එහෙම නැතුව ආණ්ඩුවක් පවත්වාගෙන යාමට නොහැකි බව දැන් සිටින ජනාධිපතිට හැර ඕනෑම කුඩා දරුවෙකුට වුනත් තේරෙනවා.

:       638       451

samanthaWednesday, 28 November 2018 10:51 AM

ඔබගේ තර්කයට අනුවද ජනාධිපතිතුමා අරගෙන ඇත්තේ නිවැරදි තීරණයකි. මන්ද යත් පාර්ලිමේන්තුවේ 122කගේ කැමැත්ත සජිත් හා රනිල් අතර බෙදී පවතින අතර පොදුජන පෙරමුණේ සහ නිදහස් සන්ධානයේ මන්ත්‍රීන්ගේ කැමැත්ත මහින්ද පමණක්ම වේ. ඒ අනුවද වැඩි කැමැත්ත සහ බලය ඇත්තේ මහින්දටය.

:       0       0

SumanasiWednesday, 28 November 2018 11:42 AM

මල්ලි එතකොට තිබුණේ 18 වැනි ව්‍යවස්ථාව. බහුතරයක් තිබුනානම් දින 100 වැඩ සටහන බහුතරයකින් පරාද කරන්න එපැයි. නමුත් දැන් තියෙන්නේ 19. එක එක ගමරාලලට ඕනේ විදියට මේවා කරන්න පාර්ලිමේන්තුව ආප්ප කඩයක්ද?

:       0       3

sandy123Wednesday, 28 November 2018 12:37 PM

මේකට අපේ භාෂාවෙන් නම් කියන්නේ මොංගල් කියලයි.

:       0       2

Hafeel Wednesday, 28 November 2018 08:33 AM

නිමල්, ඔවුන් දෙගොල්ලම හොරුන් බව ඔවුන්ම පිළිඅරන් ඉවරයි. ඔවුන් කාටත් දඬුවම් දෙන්නෙ නැහැ. එදා ජනාධිපති කැඳවූ විදේශ මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු කිව්වා මේ රටේ දූෂණ, වංචා, චෝදනා නැති කිසිම දේශපාලකයෙක් නැති බවත්, අතීතයේ බැලුවොත් එක එක්කෙනාට චෝදනා කළත්, පසුව ඔක්කොම එකතු වෙන බවත්, එහෙම නැතුව ආණ්ඩුවක් බිහි කරන්න බැරි බවත් ඔහු සඳහන් කළා. ඔහු කළ වැරැද්ද සාධාරණය කරන්න ඔහු උත්සාහ කරනවා. ඉතා පැහැදිලියි ඔවුන් කාටත් දඬුවම් දෙන්නේ නැහැ. ඔවුන් දෙගොල්ලොම දැන් රටට ඔප්පු කරලා ඉවරයි... ඔවුන්ට තවදුරටත් රට පාලනය කරන්න හෝ සංවර්ධන කරන්න හෝ බැරි බව. ඔහුගේ ප්‍රකාශ අනුව, ඔහු ඉදිරියේදී ආයිමත් රනිල්ව හෝ ෆොන්සේකාව හෝ අගමැති කළොත් පුදුමයක් නැහැ. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව නිවැරදිව තීන්දු කළයුතුයි...

:       38       29

සේනක Wednesday, 28 November 2018 11:14 AM

දැන් ඉතින් දඬුවම් දිය යුත්තේ ජනතා අධිකරණය මිසක් වෙන කොහෙන්වත් නෙමෙයි. ඒ අධිකරණයටත් අවස්ථාව ලඟලඟම එනවා. එතකොට අපි හරි තීරණය ගනිමු නේද?

:       0       5

Hafeel Wednesday, 28 November 2018 01:05 PM

අනිවාර්යෙන්ම.

:       0       22

jayantha Wednesday, 28 November 2018 10:15 AM

2015 දී මහින්ද ප්‍රමුඛ ආණ්ඩුව අගමැතිකම රනිල්ට දීලා පැත්තකට වුනේ පාර්ලිමේන්තුවේ බහුතරය බලල නෙමෙයි, ජන මතය බලලා. ඒක තමයි රටවැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදෙනවා කියන්නේ... එදා මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ආසන 160කටත් වඩා තිබුණා. අද ජනමතය කොතැනද කියලා 2018 ඡන්දෙදි ඔප්පු වුණා. ලංකාවෙන් 52% ඡන්දෙ දුන්නේ මහින්ද සහ ජනාධිපති නායකත්වය දුන් කණ්ඩායම් වලට. දැන්වත් පිරිමිකම හිතට අරගෙන ජනමතයට ගරු කරලා අරලිය ගහ මැදුරෙන් පිට වුනොත් නේද හොඳ? එහෙම නැත්නම් දාපු පෙත්සම් නඩු ඉල්ලා අස්කරගෙන ඡන්දයක් හරහා අපි ඉදිරියට එන්න.

:       360       325

WimalWednesday, 28 November 2018 12:05 PM

එතකොට මහින්ද පැරදිලා කුරුණෑගල මන්ත්‍රී වෙලානේ හිටියේ... දින 100 වැඩපිළිවෙලට සහය නොදී හිටියෙත් නැහැනේ. බහුතරය තියෙනවා කිව්වට ගෙනාපු විශ්වාස භංගයත් පරදවුණා නේද?

:       12       0

Asoka Thursday, 29 November 2018 01:17 AM

ඡන්දයකට යමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 23854 25

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18123 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10853 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 563 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 171 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 830 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site