IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බැඳුම්කර සිද්ධිය ගැන මහබැංකුවෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්

(නිමන්ති රණසිංහ)
 
ශී‍්‍ර ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරීමෙන් 2016 වර්ෂයේදී අක‍්‍රමිකතාවක් සිදුකර රජයට පාඩු කළැයි කියන සිද්ධියට අදාළව වෝහාරික විගණන පරීක්ෂණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකරමින් බවතින බව රජයේ නීතීඥ ලක්මිණී ගිරියාගම මෙනෙවිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (28) ප‍්‍රකාශ කළාය.

මෙම බැඳුම්කර වංචාවට අදාළව විවිධ අංශ කිහිපයක් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මහ බැංකුව තවදුරටත් විමර්ශන කරමින් පවතින බවත් පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම් සමූහයට අනුබද්ධ ඩබ්ලිව් එම්. මෙන්ඩිස් සමාගමේ බැංකු ගිණුම් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් රජයේ නීතීඥවරිය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නාය.
 
2016 වර්ෂයට අදාළ බැදුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද(28) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.



අදහස් (0)

බැඳුම්කර සිද්ධිය ගැන මහබැංකුවෙන් වෝහාරික විගණන පරීක්ෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site