IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික වාර්තා හෙළි කරන්නැයි ඉල්ලයි

(මුදිතා දයානන්ද)

දැන් මහබැංකු බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණනයේ වාර්තාව නොවැම්බර් 16ට පෙර රටට හෙළි කරන ලෙස විගණකාධිපතිගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රි සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) පැවසීය.

ඔහු මෙසේ පැවසුයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

මෙම වාර්තාව එළි දක්වන්නේ නම් අද සුපිරිසිදු දේශපාලනඥයින් වගේ වේදිකාවල කෑ ගසන බොහෝ දෙනෙකුගේ ඇත්ත ස්වරූපය ජනතාවට දැනගත හැකිවනු ඇතැයිද ඔහු පැවසීය.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුවලින් රටට පාඩු සිදුව තිබෙන්නේ 2015න් පසුව පමණක් නොවන අතර ඉන් පෙරද එවැනි පාඩු සිදුව ඇති බවද ඒ අනුව 2002 සිට 2015 දක්වා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විදේශ ආයතන කීපයක් සම්බන්ධ කරගනිමින් කොටස් තුනක් වශයෙන් හා 2015 පසු ගනුදෙනුව වෙනමත් විගණනය සිදුකර ඇති බවද ඔහු පැවසිය. 

ජනාධිපතිවරණයක් රටේ පවතින මේ වෙලාවේ මෙම වාර්තාව එළිදැක් වුවහොත් තමන්ගේ හා තම දරුවන්ගේ අනාගතය ගැන නිවැරදි තීන්දුවක් ගන්න ජනතාවට අවස්ථාවක් ලැබෙන බවද ඔහු පැවසීය.

මෙය මේ වෙලාවේ රටට හෙළිදරව් කිරීමට විගණකාධිපතිවරයාට ධෛර්යයක් ඇතැයි තමන් විශ්වාස කරන බවද හඳුන්නෙත්ති මහතා පැවසීය.

'අපි ඉල්ලා සිටිනවා තමන්ට ධෛර්යයක් තිබෙනවා නම් නොවැම්බර් 16ට පෙර ඒ වාර්තාව එළිදක්වන්න කියලා. එතකොට ජනතාවට පුළුවන් ඔය වේදිකාවල ඉන්න කාගේ කාගෙත් කෙරුවාව දැනගන්න. එය දැනගෙන තමන්ගේ ඡන්දය නිවැරදි තැනකට භාවිතා කරන්න'යිද කීය.



අදහස් (1)

බැඳුම්කර ගනුදෙනු ගැන වෝහාරික වාර්තා හෙළි කරන්නැයි ඉල්ලයි

sudath Sunday, 13 October 2019 09:42 PM

ඉතා කාලෝචිත අදහසක් බලධාරීන් තීරණය කරනවානම්.

:       0       107

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site