(නිමල් ජයරත්න)
මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබූ බස්රථයක බීමතින් සිටි ජේලර්වරයෙකු, සැරයන්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය පවසයි.
මින්නේරිය පොලිසිය ලද තොරතුරක් මත බන්ධනාගාර බස්රථය පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මරණ දඬුවම නියම වූ සිරකරුවකු සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන් අටදෙනෙකු එම අවස්ථාවේ මෙම බස්රථයේ සිට ඇත.
බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු මෙම බස්රථයේ සිට ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙකු මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට තහවුරු වී ඇතැයි ද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් ජේලර්වරයා, සැරයන්වරයා සහ බන්ධනාගාර නියාමකවරයා අද(01) හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බන්ධනාගාර බසයේ බීමතින් සිටි ජේලර්,සැරයන්-නියාමක අත්අඩංගුවට
Perakum Monday, 01 April 2019 04:08 AM
ඕක අමුතු දෙයක් නොවෙයි. පිටදිත් ඇතුලේදීත් බන්ධනාගාර නිලධාරීන්ගේ ඕනෑ එපාකම් සපයන්නේ රැඳවියන් තමයි. ඒවා වලක්වන්න බන්ධනාගාර කොමසාරිස්ටවත් විෂය භාර ඇමතියාටවත් කිසි උනන්දුවක් නැහැ. ඊට හේතුවත් හිතාගන්න පුළුවනි. අපි මේවා ගැන කියල ලියල කාලේ නාස්ති කරන එකේ තේරුමක් නැහැ.
Hafeel Monday, 01 April 2019 05:35 AM
දැන් සෝදිසි කලයුත්තේ බන්ධනාගාර දෙපාර්තුමේන්තුව.
Mahee Monday, 01 April 2019 09:48 AM
මං නම් හිතන්නේ රැඳවියන් විසින් බන්ධනාගාරේ කට්ටිය වැලිකඩ දක්වා ප්‍රවාහනය කරමින් ඉන්න ඇති කියලයි.