IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


බන්ධනාගාර ජේලර්ගේ ඝාතනය පාතාලයට සම්බන්ධ දැයි විමර්ශන

(ඩී.ජී.සුගතපාල)
 
වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය පාතාල කල්ලි සාමාජිකයින් අතර ඇතිවු මත ගැටුමක ප්‍රතිඵලයක් බවට සැකකරන බව පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇති මෙරෙඤ්ඤ තිළිණ රුවන් තිහාර ජයරත්න (44)නමැති  ජේලර්වරයා තිදරු පියෙකි.

ඔහු රාජකාරි නිමවා පැමිණ  අම්බලන්ගොඩ දුම්රිය පොලෙන් බැස යතුරු පැදියෙන් තම නිවසට යමින් සිටියදි  යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කු කරුවන් විසින් කුලිගොඩ හන්දියේදි වෙඩි තබා එම ස්ථානයේම ඝාතනය කර පලාගොස් තිබේ.

පොලිස් පරික්ෂණවලදි අනාවරණය වන ආකාරයට අම්බලන්ගොඩ ගල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම ජේලර්වරයා මෙයට වසර තුනකට පෙර කුලිගොඩ නිවසේ පදිංචියට පැමිණ ඇති අතර ඒ වනවිට ගාල්ල බන්ධනාගාරයේ සේවයේ කර ඇත.

පසුගිය වසරේ ඔක්තෝබර් 19වනදින මිටියාගොඩ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින්  විසින් මහවෙල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ තිප්පලක් වැටලිමට ගිය අවස්ථාවේ මෙම ජේලර්වරයාද එහිසිට යතුරු පැදියදමා පලාගොස්   ඇත. එහිදි පොලිසිය විසින් යතුරු පැදිය පොලිස් බාරයට ගෙන ඇත.

ඒ අනුව මාස කිහිපයක් වැඩ තහනමට ලක්ව සිටි ඔහු මෙයට මාස තුනකට පමණ පෙර  නැවත සේවයෙහි පිහිටුවා වැලිකඩ බන්ධනාගාරයේ පුහුණු අංශයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස ස්ථාන මාරුවක් ලබාදි තිබේ.

මියගිය ජේලර්වරයා පාතාල කල්ලි සමග සම්බන්ධකම් පවත්වමින් සිටියේද මෙම ඝාතනය පාතාල කල්ලි සමග ඇතිවු මත ගැටුමක ප්‍රතිපලයක් ලෙස සිදු කලේද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.
 
මියගිය ජේලර්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතය.

සිද්ධිය වූ ස්ථානය සහ ඒ අවට සියලුම ආරක්ෂිත කැමරා මේ වනවිට පොලිස් බාරයට ගෙන ඇති අතර ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ මහතා විසින් අම්බලන්ගොඩ පොලිසිය සමග විශේෂ පොලිස් නිලධාරි  කණ්ඩායම් කිහිපයක් යොදවා පරික්ෂණ ආරම්භ කරඇත.
 



අදහස් (3)

බන්ධනාගාර ජේලර්ගේ ඝාතනය පාතාලයට සම්බන්ධ දැයි විමර්ශන

de silva berlin Sunday, 04 August 2019 10:55 AM

ඔය එළිවෙන්නේ පැටිකිරිය, මරණෙට නියමවෙලා ඉන්න මහාපරිමාණ කුඩු ජාවාරම් කාරයන් හිරේ ඉඳන් ජංගම දුරකථන මගින් කුඩු ටොන් ගණනින් බිස්නස් කරන්නේ කොහොමද? ඔවුන්ට ජංගම දුරකථන ලැබෙන්නේ කොහොමද කියන එක ගැන අමුතුවෙන් කතාකරන්න ඕනේ නැත. මේ වෙඩි තියපු මිනිහා කවුරු වුණත් කරලා තිබෙන්නේ සමාජයට යහපතක්... මෙම දූෂිත නිලධාරීන් මොන වරද කරලා අහුවුණත් රස්සාව නැති වෙන්නේ නැහැ. පාතාල සහ දේශපාලනයට සම්බන්ධකම් මත ඔවුහු නැවත රස්සාව හදාගනිති. පරණ ජරා වැඩ නැවත නැවතත් කරති. රට වනසති.

:       0       59

රවින් Sunday, 04 August 2019 11:04 AM

ඔය එන්නේ ටිකටික එළියට. ඒ ගොල්ලෝ දන්නේ නැතිව ඇති " බල්ලොත් එක්ක නිදිය ගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙන බව..."

:       0       46

Bamunuarachchi Sunday, 04 August 2019 12:39 PM

නැහැ.., පන්සලට සම්බන්ධ දෙයක් වෙන්නැති නේද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 83 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 922 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site