
(මනෝප්‍රිය ගුණසේකර)
කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද (22) නියම කළේය.
ඒ බව දැනුම් දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නොතිසියක් නිකුත් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.
කුඩු නඩුවක විත්තිකරුවකු ඊයේ (21) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මීට පෙර අවස්ථාවකදී බන්ධනාගාර අධිකාරිවරයාට නියම කොට තිබුණත් එම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී අදාළ විත්තිකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට නොතිබිණි.
විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට වාර්තාවක් හෝ ඉදිරිපත් කොට නොතිබු අතර එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කර තිබු අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කළ විනිසුරුවරයා ඒ බව දැනුම් දෙමින් නොතිසියක්ද නිකුත් කළේය.
2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1002
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
බන්ධනාගාර කොමසාරිස්ට නොතිසි