(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ වෙන්කළ මුදලින් 77%ක්ම වියදම් නොකර ආපසු භාණ්ඩාගාරය වෙත යවා ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය විසින් බන්ධනාගාර මූලස්ථානයේ ඉකුත් දා කරන ලද නිරීක්ෂණ චාරිකාවකදී අනාවරණය වී තිබේ.
අමාත්‍යංශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව කරන ලද විමසීමකදී ඒ මහතා පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට 2018 වසරේ වෙන්කරන ලද මුදලින් වියදම් කර ඇත්තේ 23%ක් පමණක් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කොහෙද? මිනිසුන්ව පුනරුත්ථාපනය කරන්නේ.
අමාත්‍යාංශයකට හෝ දෙපාර්තමේන්තුවකට මුදල් වෙන්කරන්නේ එම ආයතනය විසින් පෙර වර්ෂයේ මාර්තු මාසයේදී පමණ සකස්කරන ඇස්තමේන්තුවලට අනුවයි. එයිනුත් කොටසක් අඩුකරලයි එවන්නේ. සමහර විට ඉටුකිරීමට බලාපොරොත්තු වුණු කාර්යයට මුදල් මදිවීමට හෝ එම කාර්යය ඉටුකිරීමට ප්‍රමාණවත් කාලයක් ඇතිව මුදල් නොලැබීම මෙයට හේතු වෙන්නත් ඇති. විමර්ෂණයක් කර බලන්න. එම හේතු දෙක නොවේ නම් සංවර්ධනයට යෙදිය හැකි මුදල් අවභාවිතා කිරීමක් සේ සලකා වගකිව යුත්තන්ට විනය පියවරක් ගන්න..
බන්දනාගාරය තුළ නම් කතා කරමින් වෙඩි තබා ඝාතනය කරපු විරුද්ධ වාදීන්ගේ නඩුවට මොකද වෙන්නේ . ලංකාවෙන් ඒවා කරන්න බැරිනම් මෙහෙන් කරගන්න පුළුවනි .
සිරකරුවන් උණත් ඔවුන්ට හොඳින් සලකන්න ඕනි.
බන්ධනාගාර ගත වන්නේ පොහොසත් උදවිය නිසා මුදල් අවශ්‍ය නොවේ. වැඩිපුර මුදලක් වුවද ආපසු ගෙවිය හැක.
මුලික පහසුකම් වත් හරියට දුන්නේ නැහැ කියලා පහුගිය ටිකේ විරෝධතා තිබුනා නේද? පහසුකම් සැපයුයේ නැත්තේ සල්ලි නැතුව වෙන්නැති?.
ඒ මුදලින් පාසලක් හදමු. පාසලක් ඇරියොත් හිරගෙයක් වහන්න පුළුවන් කියනවනේ.