(රංජන් කස්තුරි)
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යාවක පත්වීම පිළිබඳව හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ඉතා සාවද්‍ය හා අයුක්ති සහගත ප්‍රකාශ කරමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (07) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
හිටපු අධ්‍යාපන ඇමතිවරයකු එවැනි අදූරදර්ශී අතාර්කික ප්‍රකාශ දිගින් දිගටම සිදුකිරීම කනගාටුදායක කරුණක් බවද ඇමතිවරයා කීය.
රජයේ පාසල්, ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල්වල දරුවන්ට වෙන වෙනම සැලකීමේ ක්‍රමවේදයක් ආණ්ඩුවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ නොවන බවද කාරියවසම් මහතා පැවැසීය.
පෞද්ගලික අයදුම්කරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ බාධාවක් නොවන අතර එය වසර ගණනාවක සිටම සිදු වූ සාමාන්‍ය ක්‍රමවේදය බවද පැවසූ අධ්‍යාපන ඇමතිවරයා ඉකුත් 2013 වසරේ සිට පෞද්ගලික අයැදුම්කරුවන් ඒ ඒ විෂය ධාරාවන්ගෙන් ඉහළ ස්ථානවලට පැමිණි අවස්ථා ඇති බවද අකිල විරාජ් කාරියවසම් මහතා කීය.
දේශපාලන අවශ්‍යතා මත බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා රටේ දරුවන්ගේ දක්ෂතා හෑල්ලුවට ලක්කිරීමේ පහත් උත්සාහයක නිරතවෙමින් සිටින බවද එහිදී අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.
එහිදී අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීය.
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලු දෙනාටම තහවුරු කර තිබෙනවා. කිසිම දරුවකුට වෙනස් කර සැලකීමේ අයිතියක් නැහැ. හැම දරුවකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි.”
COMMENTS
සමනලයෙක් ගේ කණට මී පැණි ගෙනත් දෙනවා වගේ...
බන්දුල මහත්තයා මහන්සි ගන්නේ "රජවාසල කවටයා" බවට පත්වෙන්න බැරි නැහැ. තව කතා දෙක තුනයි කියන්න තියෙන්නේ... ඉතින් ඒ වැඩේට අකුල් හෙලන්න එපා අයියෝ...
අංක ගණිතය අනිවාර්ය නොකිරීමේ යෝජනාවට මොකද වුනේ..?
බන්දුල කියන්නෙ දේශපාලන කුහකයෙක්. කලින් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කළ කාලයේ බන්දුල මෙහෙමත් කිව්වනෙ. එක් පුවත්පතකට ඔහු පවසන්නේ “මහින්ද චින්තනය යනු හිස් පුද්ගලයෙකුගේ මනසේ ඇති වු හිස් විකාරයක්” බවයි. තවත් පුවත්පතකට ඔහු පවසන්නේ “මහින්දගේ හෙළුව පෙනෙන්නේ ඔහු සමග පෙරහැරේ යන්නන්ට නොව බලාගෙන සිටින අයට බව”යි. තවත් පුවත්පතකට ඔහු පවසන්නේ “රට නොබෙදා බලය බෙදන එකම නායකයා රනිල් වික්‍රමසිංහ බව”යි. මේත් ඒ බන්දුලම තමයි.
ඔය කට්ටිය දන්නේ ජාතිවාදයයි රටේ මිනිස්සු ගොනාට ඇන්දවීමයි පමණයි.
නියම කතාව
මෙහිදී බන්ධුල ගුණවර්දන මහතා පෙන්වා දුන්නේ අඩු පහසුකම් සහිතව රජයේ පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිපල වැඩි පහසුකම් සහිතව පෞද්ගලික පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිපල හා සැසදීම රජයේ පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ට කරන අසාධාරණයක් බව. මෙම සමානත්වය රැකීමට රජයේ පාසල් වලටත් වැඩි පහසුකම් ලබාදී රජයේ පාසල් වල දරුවන්ගේ ඉංග්‍රීසි දැනුමද වැඩිකළ යුතුය. හඳට ඇගිල්ල දික් කලාම හඳ දිහා බලන්නේ නැතුව ඇගිල්ල දිහා බලාගෙන නං දොඩවනවා කියන්නේ ඕකට තමා.
බන්දුල ගුණවර්ධන කවුද කියා මුහුණත් තහඩුව දකින විටම කියන්නට පුළුවන්. " හදවත මනින කැඩපත මුහුණයි " කියා කියමනක් තියෙනවා. මුහුණ මෙහෙම නම් හදවත කොහොමද කියා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. හදවතේ ලස්සන තරමට තමයි පිටවෙන වචනත් ලස්සන වෙන්නේ. බොරුද මං කියන්නේ ?
මා අසා ඇති පරිදි බන්දුල ගුනවර්දන හා මොහාන් ලාල් ග්‍රේරෝ මහතා එකම කාලයේ ජාත්‍යන්තර පාසල් පිහිටවූ නමුත් බන්දුල ගුනවර්දන පිහිටවූ පාසල බංකොලොත් විය . ග්‍රේරෝ මහතාගේ පාසල සාර්ථක උනි. දැන් ඉස්මතු වනුයේ එය දරා ගත නොහැකි කුහක කමය .
බන්දුල කියන්නේ මේ වගේ මැටි කතාම තමයි.
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව අධ්‍යාපනය ලැබීමේ අයිතිය සියලු දෙනාටම තහවුරු කර තිබෙනවා. කිසිම දරුවකුට වෙනස් කර සැලකීමේ අයිතියක් නැහැ. හැම දරුවකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි.” ස්තුතියි ඇමති තුමා.
ඇමති තුමනි ඔබට සුබ පැතුම්.!