IMG-LOGO

2025 මාර්තු මස 24 වන සඳුදා


බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වෙත ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක්

(රංජන් කස්තුරි)

ආදායම් බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

රජයට ආදායම් බදු ගෙවන පුද්ගලයින් දිරි ගැන්වීම සඳහා ඔවුන්ගේ දරුවන්ට ජාතික පාසල්වලට ඇතුළත්වීමේ අවස්ථාව සලසා දෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

එම දරුවන් ජාතික පාසල් වලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය නිර්ණායක සකස් කිරීමේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහය ලබාගන්න බවද ඇමැතිවරයා කීය.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සහ නිලධාරීන් පිරිසක් සමඟ ඉකුත් දා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.



අදහස් (24)

බදු ගෙවන්නන්ගේ දරුවන් ජාතික පාසල් වෙත ඇතුළත් කිරීමේ වැඩපිළිවෙලක්

SL Wednesday, 21 August 2019 12:54 PM

බදු සල්ලි හොරා කන, කොමිස් කුට්ටි ගන්න ඇමැතිලාගේ පුත්තු කොහොමද රෝයල් යන්නේ...?

:       75       204

RangaThursday, 22 August 2019 03:16 AM

පාර්ලිමේන්තු ඇමතිවරු සහ මන්ත්‍රී වරුන්ට තමන්ගේ දරුවන් ජාතික පාසල් වලට ඇතුලත් කිරීමට වරප්‍රසාදයක් ඇත. චන්ද්‍රිකා රජය සමයේ ජ.වි.පේ. මන්ත්‍රී වරයකුගේ දරුවකු කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය මහත් ආන්දෝලනයක් ඇති කලේය. එහිදී එවකට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ව සිටි තාරා ද මැල් මහත්මිය ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කියා සිටියේ එහි කිසිදු වරදක් නොමැති බවත් එය පාර්ලිමේන්තු වරප්‍රසාදයක් වන බවත් සහ ඇය එ් වෙනුවෙන් පෙනී සිටින බවත්ය. නමුත් එම දරුවාගේ මානසික තත්වය ගැන නොසලකා ජ.වි.පේ. විසින් කරන ලද බලපෑමට යටත්ව එම මන්ත්‍රී වරයා දරුවා පාසලින් ඉවත් කරගත්තේය .

:       0       0

දිමුත්Thursday, 22 August 2019 05:44 AM

ඉතා හොඳ ප්‍රශ්නයක් .

:       0       0

bandaraThursday, 22 August 2019 08:37 AM

ආදායම් බදු ගෙවන ගොඩක් අයට හොදට සල්ලි තියෙන නිසා ඒ අයගේ දරුවෝ දැනට යන්නේ ජාත්‍යන්තර පාසල්වලට. ඔය වැඩෙන් වෙන්නේ ජාතික පාසල්වලට ඇතුලත් විීමට දුප්පතුන්ගේ දරුවන්ට තිබුන අවස්ථාවත් නැති වෙන එක. ආදායම් බදු ගෙවන්නේ මෙහෙම ඉල්ලීමක් කරලා නෙවේ. ඒයාලට මේක බලෙන් දෙන්නේ බදු ගෙවිීම දිරිමත් කරන්න. මම නම් කියන්නේ ඔවුන් දිරිගන්වන්න වෙනත් ක්‍රම හොයාගන්න. මේ රටේ අහිංසක දුප්පත් පවුල්වල දක්ෂ දරුවන්ට තියෙන අවස්ථාව නැති කරන්න එපා.

:       0       0

කමල් Wednesday, 21 August 2019 12:58 PM

දරුවන්ට ඔහොම විවිධාකාර ලෙස සලකන්න එපා. දෙමාපියන්ගේ ආදායම් මත දරුවන්ට විවිධාකාරයෙන් සැලකීම රජයකින් නොකළ යුතු දෙයක්. ඒක නරක ආදර්ශයක්. දුප්පත්, පොහොසත් හැම දරුවන්ටම සම අයිතිවාසිකම් දීමයි සුදුසු. දෙමාපියන්ගේ වත්පොහොසත්කම් මත හෝ ඒ අය ආදායම් බදු ගෙවනවාද, නොගෙවනවාද, වංචා කරනවාද යන්න දෙමාපියන්ගේ දෙයක්. ඒ අය වංචා කරත් දරුවන්ට බෙදන හැන්ද වෙනස් කිරීම සුදුසු නෑ.

:       73       365

Hafeel Wednesday, 21 August 2019 03:42 PM

සහතික ඇත්ත. මහ බැංකු හොරා කාපු දේශපාලකයින්ගේ දරුවන් ඉගෙන ගන්නෙත් කොළඹ උසස් පාසල්වල.

:       262       225

mp Wednesday, 21 August 2019 01:00 PM

මෙය දුප්පතුන්ගේ දරුවන්ට කරන තදබල අසාධරණයක්... එසේම මුදල් අැමති කිව්වා රටේ සියලු පුරවැසියන්ට බදු ගොනුවක් පවත්වනවා කියලා. කොහොමටත් දැන් මේ රටේ හිඟන්නාත් බදු ගෙවනවා.

:       61       83

වීරකෝන් Wednesday, 21 August 2019 01:06 PM

ටොපියක් කෑවා ටෙලිෆෝන් කෝල් එකක් ගත්තත් බදු මුදල දුප්පත් බදු ෆයිල් එකක් නැති දුප්පත්, අහිංසක අම්මගේ, තාත්තගේ දරුවාට ජාතික පාසල අහිමිකිරීමේ වැඩපිළිවෙළක් අධිරාජ්‍යවාදයෙන් අපි නිදහස ලැබුවාට අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තන් වෙලාවෙම පාලක පක්ෂය ගොඩනඟන වැඩපිළිවෙළ මේ රටේ අහිංසකයා කබලෙන් ලිපට වැටිලා, පිච්චිලා, අළුවෙලා ගියත් වර්තමාන දේශපාලකයාගේ පපුව උණුවන්නේ නැත.

:       0       117

Raveendra Wednesday, 21 August 2019 01:09 PM

අනේමන්දා ඉගෙනගත්ත කෙනෙක් නේද? හැබැයි කට ඇරියොත් ගොන් කතාවක්මයි කියන්නේ. ගත්තොත් තීරණයක් ගොන් තීරණයක්මයි.. අනේ මන්දා...

:       315       261

chandima Wednesday, 21 August 2019 01:26 PM

රටක ජාතික පාසල් කියන්නේ අනිකුත් පාසල්වලට වැඩ වැඩි මුදලක් වියදම් කරලා වැඩි පහසුකම්දිලා දක්ෂ දරුවන්ට වඩාත් හොඳ අධ්‍යාපනයක් දීලා රටට අවශ්‍ය උගතුන් බිහි කරන්න පවත්වාගෙන යන ආයතන. රටක බදු මුදල් ගෙවූ පමණින්ම ඔවුන්ගේ දරුවන් දක්ෂයින් වෙන්නේ නැහැ. මේ වැඩෙන් වෙන්නේ දක්ෂ දරුවෝ කිහිප දෙනෙකුට විවෘතව තිබුණු අවස්ථාව තවත් වැඩ බැරි දරුවෝ කිහිප දෙනෙකුට ලැබීමයි. අනික් අතින් ගත්තම වැඩියෙන් බදු ගෙවන පවුල්වල දරුවන්ට මේ අවස්ථාව ලබාදීම යනු නිදහස් අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන අතර එක හා සමාන අධ්‍යාපනයක් දීම, වගේම දක්ෂ දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදීමත් කියන දෙකම වෙනුවට වැඩි මුදල් ඇත්තන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලෙස සංශෝධනය වෙනවා. එ්කත් එකටම අර ගමේ දරුවන්ට වඩු වැඩ, මේසන් වැඩ උගන්වන්න දඟලන ඇමතිගේ අදහසක් අනුව ගමේ වැඩිපුර සල්ලි තියෙන අයට විතරක් ජාතික පාසල් ලබාදෙන්න කරන වැඩපිළිවෙලක් වෙන්න ඇති. මොවුන් කවදා හරි යන්නේ රටත් කාලා, අපිවත් කාලා අපේ දරුවන්වත් කාලයි...

:       121       141

ගල්කටස් Wednesday, 21 August 2019 01:52 PM

අැති හැකි අයට විතරද ජාතික පාසල් කැප? උඹලා ඡන්දෙත් අාදයම් බදු ගෙවන අයගෙන් ඉල්ලා ගනිල්ලා. මොවුන්ව එලවන්න හෙට ඡන්දෙ දීපල්ලා.... !

:       339       377

himal Wednesday, 21 August 2019 02:02 PM

ආදායම් බදු ගෙවන අයට ජාතික පාසැල්වලට ළමුන් ඇතුළු කිරීමේදී ලකුණු ලබාදීම උචිතයි. මොකද විශාල ආදායම් බද්දක් ගෙවන අයෙකුට තමන්ගේ ළමයා ජාතික පාසැලකට දමාගැනීමේ ලොකු ප්‍රශ්නයක් නෑ වගේම වුවමනාවකුත් නැති වෙන්න පුළුවන්. අනෙක් අතට අද ජාතික පාසැල් වලින් නටනා විගඩම් දෙස බැලුවාම සෑහෙන තරමේ ආදායමක් නැති අයෙකු කොහොමද ඒවා කර දෙන්නේ කියලා ප්‍රශ්නයක් තිබෙනවා...

:       38       100

Amila Wednesday, 21 August 2019 04:11 PM

ඔලුව හොඳ නැතිවේගෙන එනවා වගේ...

:       238       243

Aruna Wednesday, 21 August 2019 04:39 PM

පහන නිවෙනකොට ඔහොම තමයි

:       127       17

Lalith Wednesday, 21 August 2019 05:49 PM

ඉතාමත් කාලෝචිත යෝජනාවක්. එවැනි බදු ගෙවන්නන් අවශ්‍යතාවය අනුව දැනටත් කරන්නේ විශාල මුදලක් බදුත් ගෙවමින් තවත් අනියම් මාර්ගවලින් වියදම් කරමින් පාසල් වලට ඇතුලත් කර ගැනීමයි. බදු ගෙවන්නන්ට අඩුම තරමේ තමන් ගෙවූ බද්දට සාධාරණයක් වේවි.

:       82       224

නුවන් Wednesday, 21 August 2019 10:48 PM

VAT කියන්නෙත් බද්දක්නේ ඇමතිතුමා. කඩේ ගිහිල්ලා මීට පස්සේ ලැබෙන බිල් එහෙම විසි කරන්න එපා. ළමයි ඉස්කෝලෙ දාන්න ඕනෑවෙනවා.

:       0       0

Rohana Thursday, 22 August 2019 01:38 AM

බදු ගෙවීමයි.., නිදහස් අධ්‍යපනයයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. මෙයින් වෙන්නේ නිදහස් අධ්‍යාපනය ලබාගැනීමේදී බදුගෙවන අයට මාර්ගයක් සලසාදීමයි. බදුගෙවන්නන් දිරිමත් කිරීමට අවශ්‍ය නම් එම අයට පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සහන ලබාදිය හැකිය.

:       0       39

මුණසිංහ Thursday, 22 August 2019 01:41 AM

නියම ට්‍රැක් එකට වැටිලා..! සල්ලි තියෙන අයට විතරයි ජාතික පාසල්...! අහිංසක දුප්පත් දෙමාපියන්ගේ දරුවන් පොල්අතු සෙවිලි කළ කිසිම පහසුකමක් නැති පාසල්වලට...! නියමයි. මොවුන්ගේ නිරුවත නගරය මැදටම ඇවිල්ලා පෙන්නනවා. ඊළඟ ඡන්දෙදී මේටික පැන්නුවේ නැත්නම් දුප්පත් ජනතාවට කියලා වෙනම පාසල් නම් කරාවි... ෂුවර්!!!

:       0       1

අනුර Thursday, 22 August 2019 01:51 AM

මේක නම් ගොන්ම ගොන් යෝජනාවක්..

:       0       0

rama Thursday, 22 August 2019 03:49 AM

ලගම පාසල හොඳම පාසැල ප්‍රතිපත්තිය නම් ජාතික පාසල් කියල වර්ග කරන්නේ කොහොමද ? සියලු පාසල් සමාන විය යුතුයි .

:       0       0

indika Thursday, 22 August 2019 04:16 AM

මේ වැඩේ වැරදියි. මේකෙන් වෙන්නේ දැනට යන සල්ලි කාරයින්ගේ ළමයින්ට අමතරව තවත් සල්ලි කාරයින්ගේ ළමයින්ට (බදු ගෙවන්නේ සල්ලිකාරයෝ) තවත් කෝටා එකක් ලැබෙන එකයි.

:       146       101

ASThursday, 22 August 2019 05:41 AM

සමාජවාදියෙක් වගේ? ජෙප්පෙක් නේද?

:       1       59

සමන් Thursday, 22 August 2019 04:26 AM

ඔබ දන්නවද සියයට හැටකටත් වඩා පුද්ගලයින් ආයතන බදු වංචා කරන බව...

:       0       0

AS Thursday, 22 August 2019 05:38 AM

තවත් බයිලාවක් වගේ. 2015ට කලින් අවුරුද්දකට රු. 250,000ට වැඩි බදු අවුරුදු 5ක් පුරා ගෙවපු අයට වාහන මිලදී ගැනීමේදී තීරුබදු සහන ලබාදුන්නා. නමුත් ඒ සියල්ල මේ අය ඉතා සූක්ෂමව හකුලාගත්තා. නිවසක් ඉදිකිරීමේදී ගන්න ණය මුදල්වලට යම් සහනයක් දුන්නා. අද වෙනකොට ඒ සියල්ල ඉවත්කරලා... ඒ මදිවට බදුත් වැඩිකරලා. පිස්සන් ටිකක් රජ කරද්දී මහජනතාවට ප්‍රශ්න මදිවට ප්‍රශ්න...

:       0       12

ඔබේ අදහස් එවන්න

 

දියත

සවස් කාලයේ තැනින් තැනට තරමක තද වැසි
2025 මාර්තු මස 24 13 0

බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල,මාතර, කුරුණෑගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන


නූපේ සැරසිලි ආයතනයක ගින්නක්
2025 මාර්තු මස 24 56 0

මාතර නූපේ මල් සැරසිලි ආයතනයක අද (24) අලුයම 3.00 ට පමණ ඇති වු ගින්න මේ වන විට පාලනය කර ඇති බව මාතර පොලීසිය පවසයි.


පොලිසිය මත් සාදයට පොලිසිය පනී
2025 මාර්තු මස 24 208 0

පමුණුගම උස්වැටකෙයියාව පරණ අම්බලම ප්‍රදේශයේ හෝටලයක සාදයක් පැවැත්වූ පුද්ගලයන් 57 කු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මැතිසබේ ලොක්කන්ගේ වියදම් තවත් කැපේ
2025 මාර්තු මස 24 207 0

කතානායක ඇතුළු පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සුපිරි වාහන වෙන්දේසිය ඉදිරි සතියේදී කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.


ජනපති අනුරගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප කැපේ
2025 මාර්තු මස 24 311 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිටපු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබුණු විශ්‍රාම වැටුප ලබන මාසයේ සිට අත්හිටුවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


ආර්.එම්. වී වැඩ ගැන කෝපා කෝප වෙයි
2025 මාර්තු මස 23 889 0

ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අන


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 183 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 543 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1165 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site