බදු එකතු කිරීමේදී ආණ්ඩුව ජනතාවට බරක් නොවිය යුතු බවත් බදු එකතු කිරීමේ ක්‍රමය සරල විය යුතු බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (31) පැවසීය.
බඹරු මලෙන් රොන් ගන්නා මෙන් ජනතාවගෙන් බදු අයකරගත යුතුයිද හෙතෙම සඳහන් කළේය.
අගමැතිවරයා මුදල් හා ආර්ථික කටයුතු ඇමැති ලෙස අමාත්‍යංශයේදී වැඩ බාර ගැනීමෙන් අනතුරුව මෙලෙස ප්‍රකාශ කළේය.
වර්තමානයේ ජීවන වියදම පිළිබඳ සැළකිමත් වී පොදු ජනතාවට සහන සලසා දීමට කටයුතු කරන බව පැවසු අග්‍රාමාත්‍යවරයා මිල සුත්‍රය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ඉදිරියේදී මිල සුත්‍රය ද වෙනස් කළ යුතු බවයි.
එමෙන්ම වර්තමානයේදී සියලු දේ පිටරටින් ගෙන ඒමේ තත්වයක් ඇති වී ඇති බවත් ඒ නිසා දේශිය ගොවියාට සාධාරණයක් ඉටු නොවන බවත්, ඉදිරියේදී දේශිය නිෂ්පාදන වල මුල් තැන දී රට ස්වයංපෝෂිත කර දේශිය ගොවීයාට අවස්ථාව ලාබාදීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.
(36698)
ඡායාරූප - ගයාන් අමසේකර



COMMENTS
ආයෙත් ඇවිත් !!
දෙන්න පුළුවන් රිදෙන්න .....නියම තැන
කියනකොට එකක්, කරනකොට තව එකක්. බලමුකෝ ඕකනේ මිනිස්සුත් ඉල්ල ඉල්ල හිටියේ.
මිල සූත්‍රය එපා.... මිල සූත්‍රය එන්න කලින් තිබ්බ මිගටම දෙන්න....
මහා මාර්ගත් හරි ෂෝක්. ඒක බැසිල්ට දුන්න නම් ඉස්සර බැරිවුණ ටිකත් එක්කම සංවර්ධනය කරන්න පුළුවන්.
දැන් අපට රුපියල ශක්තිමත් කරගන්න පුළුවන් වේවි
ඔන්න ඔය කියපු දේවල් ටික කරන්න ඉක්මණින්. .. විශේෂයෙන්ම අර රනිල්ලා ගෙන්නපු බදු පනත අහෝසි කරන්න. වක්‍ර බදු මුල් තැන දෙන්න. අර අම්පාර පැත්තේ ඇමති රටින් ගම්මිරිස් ගෙනත් විනාශ කරපු ගම්මිරිස් ව්‍යාපාරය යලි හදාගන්න. පෝර ප්‍රශ්නෙත් විසඳන්න. අර පිටරටින් සල්ලි ඩොලර් ලක්ෂ 100ට වැඩි බදු නීතියත් අහෝසි කරන්න. එතකොට ඊළඟ ඡන්දෙකදි රනිල්ලා අනාතයි...
පසුගිය අවුරුදු 10 අමතක අය ඉන්නවද මේක අහන්න?
කතාවලින් වැඩක් නැත... මෙපමණ කාලයක් අපි කතා ඇසුවෙමු. වැඩ අවශ්‍ය යුගයක් එළඹී ඇත...
මේ කියන්නෙත් මංගල කියපු ටිකම නේද? සරල බදු ක්‍රමයක් සහ දේශීය නිෂ්පාදනය වැඩි කිරීම, අනික මිල සුත්‍රය අහෝසි නොවේ... සංශෝධනයක් පමණයි.. ඩොලර් එක 176යි. තෙල් මිල කොහොම අඩු කරන්නද?
අනේ මෙයා දන්නා ආර්ථිකේ... රාජපක්ෂ පවුල් ආර්ථිකය නම් අායේත් පණගහලා එයි...
කවුරු ආවත්, ගත් ණය ආපසු ගෙවන්නට මහජනයාට බදු ගෙවන්ට වෙනවා. ඕක තමයි ඇත්ත...
මුදල් ඇමැති හැටියට අවුරුදු 10ක් හිටිය කාලේ කළේ නැත්තේ ඇයි?
"බඹරු මලෙන් රොන් ගන්නා මෙන්." ඇත්ත නේ. ඒ කාලේ අපෙන් රොන් ගත්ත බවක් දැනුනේවත් නැහැනේ. කොටින්ම ඒ අපෙන් ගත්තු රොන්වලට මොනවා වුණාද කියලවත් අපි අදවත් දන්නෙත් නැහැනේ... ඉස්සරහටත් එහෙම කරන බව නේද ඔයා කියන්නේ? හරි ශෝක් අනේ...
ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම දේ නිෂ්පාදනය කරන්න. එමගින් නව ඍජු හා වක්‍ර රැකියා බිහිවෙනවා. එජාපෙ ඇමති කෙනෙක් කිව්වා ඉන්දියාවෙන් සියලු කෘෂි නිෂ්පාදන මීට වඩා අඩුමිලකට ගේන්න පුළුවන් කියලා. කතාව ඇත්ත නමුත් ලංකාවේ මිනිස්සු කරන රැකියාව කුමක්ද? ඉන්දියාවේ නිෂ්පාදන මිලදී ගන්නේ කොහොමද කියල හිතන්න පුළුවන් මනසක් නැහැ. නිෂ්පාදන ක්‍රියාවලියේදී ඍජු මෙන්ම වක්‍ර රැකියා බිහිවෙනවා. එමෙන්ම රටේ මුදල් පිටරට යාම පාලනය කරගන්න පුළුවන්...
එක් කෝටි හැත්තෑ හතර ලක්ෂයේ ලම්බෝනියට රුපියල් 2500 බදු ගහපු ක්‍රමයට වෙන්න ඇති දැන් ජනතාට බදු ගහන්න යන්නේ