( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කළැයි තමා දණ ගස්වා අමානුෂික ආකාරයෙන් බැන වැදීමෙන් ඌව පළාත් මහ ඇමැතිවරයා විසින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි කියමින් බදුල්ල දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) අවසර ලබා දුන්නේය.
ඒ අනුව ජූනි 18 වැනිදා සිට එම පෙත්සම විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කළේය.
එම පෙත්සම බුවනෙක අළුවිහාරේ , ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුව කැඳවිණි.
පෙත්සම්කාර විදුහල්පතිනිය අධිකරණය හමුවේ පැවසුවේ සිය ආධාරකරුවකුගේ දරුවකු පාසලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා තමන්ව කැඳවා දණගස්වා අමානුශික ආකාරයෙන් බැණ වැදුණු බවයි.
පෙත්සම්කාර විදුහල්පතිවරිය වෙනුවෙන් නීතීඥ මයුරි විජේසූරිය මහත්මිය ද ,ඌව පළාත් මහ ඇමැති වෙනුවෙන් නිතීඥ ශාන්ත ජයවර්ධන මහතා ද නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ සුහර්ෂි හේරත් යන මහත්ම මහත්මිහු පෙනී සිටියහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.