ප්‍රසන්න පත්මසිරි
බදුල්ල ලංගම ඩිපෝවේ ආපන ශාලාව තුල සෞඛ්‍ය උපදෙස් නොපිළිපදිමින් අනාරක්ෂිත ලෙස ආහාර අළෙවි කිරීම යන හේතු මත දින නියමයක් නොමැතිව එය වසා තැබීමට අද( 24 ) දින වසා තැබු බව මහ නගර සභාව කියයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 24 දින උදේ සිදු කළ වැටලීමකදි ආපන ශාලාවේ සේවකයින් සෞඛ්‍ය උපදෙස් හා කොවිඩ් වසංගතය සමග ලබා දී තිබෙන උපදෙස් කිසිවක් ක්‍රියාත්මක නොකර අනාරක්ෂිත ලෙස ආහාර අලෙවි කිරීම නිසා දින නියමයක් නොමැතිව වසා තැබීමට කටයුතු කර තිබේ.
මෙ ආපන ශාලාවෙන් ආහාර ගැනීමට රියදුරන්,සහයකයින්,කාර්මිකයින් ඇතුලු සේවකයින් විශාල පිරිසක් නිතර පැමිණෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියයි.
බදුල්ල මහ නගර සභාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය එක්ව වැටලීම සිදු කර තිබෙන අතර ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ඩබ්ලිව් ගුණසේකර,රනිල් ප්‍රියංකර,ප්‍රසාද් උපුල් කුමාර,පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එන්.ආර් රණවක,පියල් පත්ම යන නිළධාරීන් වැටලීම සිදුකර තිබේ.
2025 දෙසැම්බර් මස 04
382
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බදුල්ල ලංගම ආපනශාලාව වහයි