IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බදුල්ල මහ රෝහලේ වකුගඩු රෝගීන්ට පරිතාන කාන්දුපෙරණ ඒකකයක්

(එෆ්.අස්ලම්)
 
වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට රුධිර කාන්දුපෙරණයක් වෙනුවට පරිතාන කාන්දුපෙරණ (Continuous Ambulatory Peritoneal dialysis) ඒකකයක් බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර තිබේ.

මෙම ඒකකය ලබන (3)වනදා විවෘත කිරීමට නියමිත අතර මෙමගින් ඌව පළාතේ වකුගඩු රෝගීන්ට අමතරව දකුණ සබරගමුව නැගෙනහිර පළාත්වල රෝගීන්ට ද සෙත සැලසේ.

පරිතාන කාන්දුපෙරණ ඒකක මහනුවර, මාලිගාවත්ත, අනුරාධපුර ඇතුළු රෝහල් කිහිපයක පමණ ස්ථාපිත කර ඇති අතර ඌව පළාතට ස්ථාපිත කර ඇති එකම පරිතාන කාන්දුපෙරණ ඒකකය මෙය වේ.

වකුගඩු අකර්මණ්‍ය වූ රෝගීන්ට පරිතාන කාන්දුපෙරණය මගින් අපහසුතාවකින් තොරව බහිස්‍රාවී ද්‍රව්‍ය ඉවත්කර ගැනීමට හැකිවන බවත් රුධිර කාන්දුපෙරණය මෙන් සතියකට දෙවරක් රෝහල්ගත වීමේ අවශ්‍යතාවක් නැති බවත් බදුල්ල පළාත් මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා සදහන් කළේය.

සුළු ශල්‍යකර්මයක් කරමින් උදර කුහරයට ඇතුළු කරන නළයක් මගින් විශේෂිත තරලයක් උදරයට ඇතුළත් කිරීම මින් සිදුවන බවත් වකුගඩුවලට එකතුවන පොටෑසියම්,යූරියා ඇමෝනියා වැනි බහිස්‍රාවී අපද්‍රව්‍ය එම තරලයේ රැදෙන බවත් එය පැය 6කට 8කට වරක් රෝගියාටම පහසුවෙන් ඉවත් කර ගැනීමඨ හැකි බවත් වෛද්‍යවරයා සදහන් කළේය.

කෙසේ නමුත් පරිතාන කාන්දුපෙරණ ක්‍රියාදාමය සදහා රෝගියා සුදුසුකම් කිහිපයක් සපුරාතිබිය යුතු බවත් ඒවා නම් මෙම ක්‍රියාදාමය තනිව සිදුකර ගැනීමට හැකි මනා අවබෝධයක් මූලිකවම රෝගියා තුළ තිබිය යුතු බවත් දෑස් පෙනීම දුර්වල නොවීම හා දෑත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට හැකිවිය යුතු බවත් විෂබීජ නොමැති ස්ථානයක වෙනම කුට්ටියක් රෝගියාටම තිබීය යුතු බවත් විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

මන්ද මෙම ක්‍රියාදාමය නිසි පරිදි සිදුකර ගැනීමට අපොහොසත් වීමක් හෝ විෂබීජ ශරීරගත වීමක් සිදුවේ නම් එතුළින් රෝගියාගේ ජීවිතයට පවා අනතුරක් විය හැකි බවත් මෙනිසා ඉහත සුදුසුකම් සපුරාලීම අනිවාර්ය බවත් හෙතෙම සදහන් කළේය.

බදුල්ල පළාත් මහ රෝහලේ ස්ථාපිත කර ඇති පරිතාන කාන්දුපෙරණ ඒකකයේ ප්‍රථම කාන්දුපෙරණය පසුගිය 19 වනදා රෝහලේ පිළිකා විශේෂඥ ශල්‍ය වෛද්‍ය නිරෝෂණ අටුළුගම මහතා විසින් සිදුකරන ලද සාර්ථක ශල්‍යකර්මයකින් පසුව වකුගඩු රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායම විසින් සිදුකරන ලදී.

මෙම ක්‍රියාදාමය සදහා මූලික වශයෙන් මසකට 120,000ක මුදලක් වැය වන අතර එම මුදල රජය විසින් දරනු ලබයි.

(බදුල්ල පළාත් මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා)



අදහස් (3)

බදුල්ල මහ රෝහලේ වකුගඩු රෝගීන්ට පරිතාන කාන්දුපෙරණ ඒකකයක්

Anura Thursday, 26 September 2019 01:04 PM

පින් සිද්ධ වෙනවා මේකට සම්බන්ධ වුනු හැමෝටම. මේවගේ ලෙඩක් හැදුන අය තමයි විඳින දුක ගැන දන්නේ.

:       0       13

u w p Dharmapriye Thursday, 26 September 2019 01:24 PM

බොහොම පිං සිදු වෙන ක්‍රියාවක්.සහභාගී වූ සියල්ලන්ටම ස්තුතියි.

:       0       3

Champika de Silva Saturday, 28 September 2019 08:04 PM

වි.වෛද්‍ය උදාන රත්නපාල මහතා අතිවිශිෂ්ට සේවාවක්, කෙටි කලක් තුල මාතර ඇතුලු දකුනේ ජනතාවට ලබා දුන්,රෝගීන් වෙනුවෙන් සැබෑ මානව දයාවෙන් කටයුතු කල, ඒවෙනුවෙන් තම කාර්ය මන්ඩලය උනන්දු කරමින් නිසි නායකත්වය දුන් වෛද්‍යවරයෙකිි .එතුමා අරඹන ලද සියලු කටයුතු සාර්ථක වේවා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site