(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාදුරාගොඩ වත්තෙමුල්ල ප්‍රදේශයේදී ඉකුත් 15 දා නිවසකට පැන කුඩා දැරියන් දෙනෙකු කපා කොටා දැමීමට සූදානම් වූ අවස්ථාවේ එය වැළැක්වූ වයස්ගත යුවළක කපා කොටා තුවාල සිදු කළ බව කියන මැර කල්ලියේ සිවු දෙනාම ඊයේ 23 වනවිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව කොටදෙනියාව පොලිසිය කියයි.
අල්කයිඩා පවුල යනුවෙන් හදුන්වන පවුලේ පුතුන් තිදෙනෙකු හා කලක් පැවිදිව සිටි එක් අයකුගේ හිතවත් චීවරධාරියෙකු මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර වෙති. සිද්ධියවූ දිනට පසුදා පහන් වන අවස්ථාවේදී අසල්වැසියන්ගේ සහාය ඇතිව චීවරධාරීන් දේන්නා අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන්ගේ මවගෙන්ද දෙදිනක් තිස්සේ පොලිසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වල ප්‍රතිඵලයක් ලෙස සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කීය.
මෙම සැකකරුවන්ගේ ප්ර්හාරය ලක්වූ ලක් වූ ජී.ජී. වික්රමමසිංහ 68 හා ඊ.කේ කුසුමාවතී 67 අඹුසැමි යුවළ මේ වන විටත් තවදුරටත් බරපතළ තත්ත්වය යුතුව වතුපිටිවල රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්රරතිකාර ලබමින් පසුවේ. මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇතැයිද පොලිසිය සදහන් කරයි.
මීගමුව සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා ගේ මෙහෙයුම යටතේ කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
COMMENTS
අපේ රටේ පවතින නීතියට අනුව මොවුන් නැවත සමාජගත වෙන්නේ හිරේදි තවත් මැරයින් සමඟ සම්බන්ධතා ඇති කරගෙන. එතකොට තත්ත්වය මීට වඩා බරපතල වෙනවා. එය වළක්වා ගත හැකිනම් හොඳයි...!
පොලිසිය මුල් අවස්ථාවලදීම හරියට ක්‍රියාකළානම් මේ අපරාධ සියල්ල වළක්වා ගන්න තිබුණා. අර පොඩි දරුවන්ට කෙටුවා නම් එයාලගේ ජීවිත ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් පොලිසිය දෙමව්පියන්ට වගකියනවද?