
(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයේදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ අද (05) නියෝග කළේය’
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (05) අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නිතීඥ මාධන් තෙන්නකොන් මහතා අධිකරණයේ පෙනී සිටිමට ඉදිරි දිනයේදී කටයුතු කරනු ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.
සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ අනූජ ප්‍රේමරත්න මහතා සදහන් කර සිටියේ නිතිපතිවරයාගේ නියෝජනය සමග සැකකරුගේ ඇප සම්බන්ධයෙන් ඉදිරි දිනයේදී අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට සුදානම් බවය’
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.
සැකකාර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද ඉකුත් නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
මාස පහකට අධික කාලයක් රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (02) වගන්ති ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු මෙම සිද්ධියට අදාළව පළමු වරට අධිකරණයට ඉදිරිපත් කර තිබුනේ ඉකුත් සැප්තැම්බර් මස 10 වැනිදාය.
පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අප්‍රේල් මස 21 වැනිදාය.
COMMENTS
මේ නාඩගම ඉවර වෙනකන් රටට අබ සරණයි
ඇප ඉල්ලනවා නිෂ්ප්‍රභා කරනවා ඉල්ලන එකෙත් සීමාවක් නැ, නිෂ්ප්‍රභා කරන එකෙත් සීමාවක් නැහැ