(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ,ආණ්ඩුකාරවරුන් වන ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා හා අසාද් සාලි යන මහත්වරුන්ට විරුද්ධව ඉදිරිපත් කරන පැමිණිලි කමිටුවට මේ වන විට පැමිණිලි හතරක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ඉකුත් හතර වැනිදින පිහිටවනු ලැබූ මෙම කමිටුව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනෙකුගෙන් සමන්විතය.
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව පැමිණිලි තුනක් මල්ලව ආරච්චිගේ අසේල සම්පත් , නීතිඥ ඉන්දසිරි සේනාරත්න සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සිදුකර ඇතැයි ද ඊට අමතරව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව අජිත් ප්‍රසන්න යන අය විසින් පැමිණිලි කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
කමිටුව විසින් එම පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන බවත් ඔවුන් තිදෙනාට විරුද්ධව පැමිණිලි කරන්නේනම් ලබන 12 වැනි දින දක්වා පැමිණිලි කළ හැකි බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
කෝ පැමිණිලි? ත්‍රස්ථවාදීන්ට උදව් කරපු එවා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කරන්න
විල්පත්තුවේ කැළෑ එලිකලාටත් පැමිණිල්ලක් දමන්න. කපපු වටිනා ගස් වලට මොකද වුනේ අසන්න.
තිබුන සද්දේ හැටියට මම හිතුවා ගෝනි ගණන් පැමිණිලි ලැබෙයි කියල. දැන් තමයි තේරෙන්නේ සද්ද කලේ මොන අරමුණකින්ද කියල.
බමුණු මහතා, ඔබ දන්නා කරුණු ගිහින් පැමිණිලි කරොත් තමයි හොඳ. බළල්ලු ලවා කොස් ඇට බාවන්න එපා. දන්නා කරුණු නොබියව ඉදිරිපත් කරලා දැන්වත් කටින් වැඩ කරන එක නවත්වමු.
මේකෙදි පරීක්ෂණ කළයුතු වන්නේ මේ අය ත්‍රස්තවාදීන්ට උදව් කලාද යන්න හොයා බලන්නයි. වෙන දේවල් සඳහා පරීක්ෂණ කරනවානම් අනෙකුත් සේරම දේශපාලකයින් ගැනත් පරීක්ෂණ කලයුතුයි.
වැඩි කල් නැහැ මාසයක් දීලා තියනවා මේ කියන මහත්වරුන්ට විරුද්ධව සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කරන්න. එහෙම නොවුනොත් ඔවුන්ට නැවත හිටිය තනතුරු දෙනවා , එතෙක් නිල නිවාස වාහන කාර්යාල රජයට නොපවරාගන්න බවට ප්‍රවෘතිවල තිබ්බා.
මුස්ලිම් දේශපාලකයන්ගෙන් මහා ජාතිය ඉගෙනගත යුතු දේ බොහොය 1.පක්ෂ පාට බේදයෙන් තොර එකමුතු බව 2.බලයට කෑදර නොවන බව රටට පෙන්වීම 3.මුල්තැන රට හා ජන සාමය ගැන සිතීම 4. තමන්ගේ නිකැළැල් දේශපාලනය ගැන විශ්වාසය මහජාතිය මේවා ගැන සිතනවානම් මුළු ලාංකික ජනතාවටම සාමයෙන් පිරි රටක් භිවීම වැළක්විය නොහැක.
කෝ මාධ්‍ය සංදර්ශන දාපු කට්ටිය...? ඉක්මණට ගිහිල්ලා පැමිණිලි කරන්න. දවස් හතරක් වෙනවා තවම හිස්බුල්ලා මහත්මයාට පැමිණිල්ලක් දාලා නැත.
අර ෆොටෝ එකේ මැද ඉන්න කෙනා දැක්කම ගහන්න හිතෙන්නේ නැතිකෙනා කවුද?