
(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින් නැවත පදිංචිකිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සම පිළිබඳ තීන්දුව අද (31 ) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුනද එම නඩුව කැඳවූ අධිකරණ ශාලාවේ සියලුම නඩු අගෝස්තු 26 යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය දැන්වීමක් මඟින් දැනුම් දුන්නේය.
අදාළ පෙත්සම පිළිබඳ තීන්දුව ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රදේශයක් නීතිවිරෝධි ලෙස එළිපෙහෙළි කරමින්, නැවත පදිංචි කිරීම් හා අනවසර ඉදිකිරීම් කළේ යැයි කියන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
මෙහි වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ,මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්, හිටපු කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නීතිපතිවරයා ඇතුළු නව දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමින් විල්පත්තු වන රක්ෂිතයේ සිදු කෙරෙන මෙම එලිපෙහෙළි කිරීම් නිසි එම වන රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි සිදුව ඇතැයි පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමින් කියා තිබිණි.
COMMENTS
මේවා අහෙන නඩු නෙවෙයි.
අප මේ කතා කරන්නේ දේශපාලනය නොවෙයි. කාට ඡන්ද වැඩි වුණත්, කාට අඩු වුණත් අපට ප්‍රශ්නයක් නොවේ. ඒත් මේ රටේ තිබෙන වැසි වනාන්තර වනසා එළිපෙහෙළි කොට ගම්මාන සාදා තමන්ගේ මිනිසුන්ට ඒක රාශිවීමට සැලැස්වීම හොඳ දෙයක් නොවේ. මේවායේ යටි අරමුණ තනිකරම අරාබි කරයක් නිර්මාණය කොට ෂරියා නීතිය අරාබි පාසල් ආදිය පිහිටුවා මේ රට අරාබියක් කිරීමයි යටි අරමුණ. සිංහල දේශපාලකයින් අල්ලගෙන ඒවා කරගෙන ගියා. ඒත් මේ රටේ වගකිවයුතු පරිසරවේදීන්, මාධ්‍ය, පරිසරයට ආදරය කරන අය මේ වෙනුවෙන් විශාල හඬක් නැගුවා. එ් නිසා අපගේ වනාන්තර සතා සිවුපාවා මේ තරමින් හෝ බේරුණා. ගරු අධිකරණය මේ ගැන, රට ගැන හොඳින් සිතා බලා මේ වංචනිකයන්ට නිසි දඬුවම් දේ යැයි අප බලාපොරොත්තු වෙනවා. අපගේ වනාන්තර එළි පෙහෙළි කරන ගමන් එහි සිටින තලගොයා හාවා, මුවා ඇතුළු සතුන් බෙල්ල කපා මරාගෙන කෑවා. තව ටිකක් කල් ගියා නං මුළු විල්පත්තුවම සුද්ද කරලා අරාබි කරයක් හදාවි. සතා සිවුපාවා මරාගෙන තම්බගෙන කාවි. අපේ රටේ පක්ෂ දේශපාලනය නිසා මොවුන් කුමන හෝ පැත්තකට හේත්තු වී අපේ දේශපාලකයන් ගොනාට අන්දාගෙන ඔවුන්ගේ යටි අරමුණු කරා ගියා. මේවා ගැන රට නිසිඅයුරින් දැනුවත් විය යුතුයි.
අපි හිතුවේ පාස්කු ප්‍රහාරයට බදූර්දීන්ව හිරේ දාල කියලා. කෝ අර ආවා කිව්ව විරුවා?
කොහොමද මෙයාට විරුද්ධව නඩු අහන්නේ..? විල්පත්තු කැපුවේ ඒ කාලේ හිටපු ජනපතිගේ අනුදැනුම, අවසරය මත. මේවා ඡන්දෙ කාලේ විහළු අපේ හාමුදුරුවනේ...
අපේ ආණ්ඩුවක් පත්වෙන තුරු මේ ආණ්ඩුව කල්දාන්න.
මේකෙන් ඡන්ද කඩන්න පුළුවන්.. ඒ නිසා නඩුව කල්දාන්න ඡන්දෙ ඉවර වෙනකම්...
රිෂාඩ් බදියුදීන් දේශප්‍රේමියෙක් වෙන එක වැඩි ඉක්මණින් අපට දැකගන්නට හැකිවෙයි. දැන් පිල්ලෙයාන් සහ කරුණා දේශප්‍රේමී වුණා වගේ...
ලංකාව බූරුවන්ටයි, හරකුන්ටයි පමණයි. මෙය තේරුම් ගත් අය වෙන රටකට පැනගනිල්ලා දැන්වත්...